Saturday, November 21, 2015

අලුත් ගමණට පාර කැපුණා


මිනිහෙක් වැරදි කරන්නෙ විනෝදයටද?
විනෝදයෙන් ජීවත්වීම පිණිස හෝ කරදරයකින් තොරව ජීවත් වීමටය.

වැරදිකරුවන් ලෙස නිතියෙන් නම් කරන ලද බොහෝ දෙනෙක් සමඟ කතා කළ විට මට දැණුනු දේ ඒ ආකාරයට කෙටි කළ හැකිය.වෙනස ඇත්තේ,සමහර විට ඒ විනෝදය පිණිස වන අවශ්‍යයතාවය මෙන්ම කරදරයකින් තොරව ජීවත්වීම සඳහා ඇති උවමනාව වෙනුවෙන් අප ගන්නා ක්‍රියා මාර්ග සහ ඔවුන් ගන්නා ක්‍රියා මාර්ග අතරේය.

ඒ කෙසේ වෙතත් රටේ පිළිගත් නීතියට අනුව මොවුන් වරදකරුවෝය.රජය වසර 50 - 60 දක්වාම නීතියෙන් දඩුවම් පැනවෙන ඔවුන්ට එරෙහිව සිදු කරන්නේ වියදම් කිරීමය.නැතහොත් අපරාධකරුවන් හෝ වරදකරුවන් නඩත්තු කරන්නට රටේ ජාතික ධනයෙන් විශාල කොටසක් විනාශ කිරීමය.රජයේ පිළිගත් නීති පද්ධතිය උල්ලංඝනය කරන ලද අයෙක් වෙනුවෙන් රටේ ජාතික ධනයෙන් විශාල මුදලක් වැය කිරීමෙන් රටේ සාධාරණ ලෙස උපයන ජනතාවගේ බදු මුදල් වැය කිරීමේ අවුලක් තිබෙන බව මට හැඟෙන්නේය.

මේ හැඟීම සිරකරුවා අමනුෂ්‍යයෙක් ලෙස ප්‍රතික්ෂේප කළ යුතුය යන පදනමේ පිහිටා නැඟෙන්නක් නොවන්නේය.

රැඳවියා රටේ නිෂ්පාදන කාර්යයට වඩා පලදායි අයුරෙන් යොදා ගත යුතුය.බන්ධනාගාර දෙපාර්තමේන්තුව ලාබ උපයන ආයතනයක් බවට පත් කළ යුතුය.රටේ නිෂ්පාදන ක්‍රියාවලිය පෝෂණය කරන ආයතනයක් කරන්නට වෙහෙසිය යුතුය.ඒ හරහා ලැබෙන ප්‍රතිලාබ පදනම් කර ගනිමින් නිදහස්ව යන සිරකරුවාට යම් ස්වාධීන නැඟී සිටීමකට අත හිත ලැබෙන ආකාරයට ඔහුගේ ගිණුම පොහොසත් කර ගැනීමටද අවසර දිය හැකිය.

එසේම හැඟිමෙන් ඔහු රසවත් හා නැණවත් පුද්ගලයෙක් කිරීමට හැකි වටපිටාවකට ඇතුළත් කළ යුතුය.නාට්‍ය නිර්මාණ සඳහා ඔහු ශිල්පීය දැණුමෙන් පෝෂණය කර නිර්මාණ සදහා දායක කර ගැනීමේ වැදගත්කම ඔහු ඊට අදාළ වෘත්තියමය පදනමක් සහිතව රසවන්තයෙක් වීමය.

ඔහුට හොඳින් පොත පත පරිශිලනය කිරීමට සැළැස්වීමෙන් වන්නේ ඔහු රසවතෙක් මෙන්ම නැනවතෙක් වීමය.මේ ඉහත කරුණු දෙක හරහාම සිදු වන්නේ යහපත් මනසක් සහිත පුද්ගලයෙක් නිර්මණය කිරීමට අවශ්‍යය පසුබිම සැකසීමය.

මා බන්ධනාගාර රැදවියන් සමඟ වැඩ කිරීමෙන් ඒ ස්වයං තෘප්තිය විදින්නේය.මා මගේ කෘතිය බන්ධනාගාර භූමියට රැගෙන ගොස් සහෘදයන්ට රැඳවියන් වෙනුවෙන් පොතක් රැගෙන එන්නට යෝජනා කළේද එබැවින්ය.ඒ වෑයමේ ප්‍රතිපලය වූයේ ඔවුන් වෙනුවෙන් පොත් 179 ක් ලැබීමය.එපමණක් නොව ලලිතා ද සොයිසා ජයවර්ධන මහත්මිය ඇතුළු පිරිස් එම කටයුත්ත තව දුරටත් පෝෂණය කරන්නට සෑදී පැහැදි සිටින්නේය.ප්‍රදීප් චන්දන ගුණරත්න වැනි සහෝදරයන්ද මේ වෙනුවෙන් සමාජ උත්තේජනයක් ඇති කළ යුතු බවට සිය බ්ලොග් අඩවි හරහා උත්තේජනයක් ලබා දෙමින් සිටියි.( http://hithenahati.blogspot.com/2015/11/prisonbookdonation.html)

මා මියුණ දිනයක මගේ දරුවන් හිස්ව තිබි මගේ බැංකු පොත ගැන දොස් පැවරුවාට කම් නැත.මගේ නම කී විට ඔවුන්ට කිසිවෙක් දොස් නොපවරන්නේනම්..........

 මට අවශ්‍යය වන්නේ එපමණය.

අලුත් ගමණට කැපුණු පාර ඔස්සේ ඔබේ නගරයට ගමට බන්ධනාගාර රැදවියන් රඟන ‘ වීරයෝ මරන්න බැහැ‘ වේදිකා නාට්‍යය ප්‍රදර්ශණය හරහා ගෙන්වා ගත හැකිනම් එය මහත් උදාර ක්‍රියාවකි.ඔබට ඔවුන් වෙනුවෙන් පොතක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබා දිය හැකිනම් එයද එවැනිම ක්‍රියාවකි.මේ කාර්යයන් දෙකටම අදාළව වැලිකඩ බන්ධනාගාරයේ සුබ සාධන අංශය අමතා තොරතුරු ලබා ගැනීමට හැකියාව ඇත.

මේ එහි දුරකතන අංකය ය- 0114 677277

අන්තිමට වෙළද දැන්වීමක් වගේ පහත කවි දෙකත් මේ සටහනට අමුණා තබන්නට සිතුණි.එය මගේ පොත එළි දැක්වීම ගැන රැඳවියෙක් ගෙතූ කවි වැලක මා හිතේ අලවා ගත් කවි දෙකකි.මා ගැන නොව ඔවුන් නාට්‍යය රඟදැක්වීමෙන් විඳින වින්දනය ගැන ඔබට දැනෙන හැටි පහසු කරනු පිණිසය.

නාටකවලින් වැලිකඩ රැඳවියන් හට
දැණුමක් ලබා දී ගෙන ගිය කරළියට
වීරයො මරන්නට බැහැ පෙන්වා හැමට
හොද අඩිතාලමක් දැමුවනෙ සිර ගෙයට

වයි.එම්.බී.බොරැල්ලේ රඟ දක්වාලා
ටවර් රඟහලින් ජනපති සතුටු කළා
මාතර බාලිකා විදුහලකත් රඟලා
රැඳවියෝ සතුටු වුණි කවුරුත් කඳුළු සලා





Tuesday, October 20, 2015

රේල් පීලි සමඟ අලුත් ගමණක්

මිනිස්සු ආනන්දයෙන් ප්‍රඥාවට යන බව මම අසා ඇත්තෙමි.තැන තැන මමද ඒ බව වමාරා ඇත්තෙමි.නමුත් ජීවිතයේ මිනිස්සු ආනන්දය සහ ප්‍රඥාව විසින් වඩා යහපත් දිශාවකට හැරවිය හැකි බව මම වැලිකඩ සිරකවුළු තුළදී අත් විඳින්නට භාග්‍යවන්ත විමි.

මගේ යොවුන් නව කතාවට යම් තරමකට එයට ආසන්නම යන එන පුරවැසි කණ්ඩායමක් සිටින පරිසරයක් පාදක විය.රේල් පීලී තුළ මා කතා කරන ප්‍රේමය ඔවුන්ගේ ජීවිතවලට ආශිර්වාදයක් වන සමාජ විපර්යාසයකට මඟ පෙන්වන සංයුතියක අගය කියාපාන්නකි.එය කෙතරම් සාහිත්‍යමය වශයෙන් පොහොසත්දැයි මම නොදනිමි.එහෙත් ඒ මා විඳි ජීවිතවල හුස්ම ගෙන කළ ප්‍රබන්ධයකි.

මා නැවතත් දෙවන ඡේදය අතහැර පළමු ජේදයට යමි.

මගේ නව කතාව ගැන නිකම්ම කතා බහකින් නොනැවතී මා පළමු ජේදය තුළ ලියූ වෙනස් කළ හැකි මිනිසුන්ට ආනන්දය සහ ප්‍රඥාව ලැබෙන ගමණකට ද මගේ රේල්පීලි මතට සහෘදයන් පිරිසක් එක් කර ගන්නට සිතුවෙමි.

නුදුරු දිනෙක රේල්පීලි ගැන අදහස් දැක්වීමක් සිදුවන්නේය.ඒ අදහස් දැක්වීමට එක් වන්නේ වර්ථමානයේ යොවුන් මාධ්‍ය කලාවේ ජනප්‍රිය සහ අරුත්බර භාවිතාවක නියැලී සිටින සංජක ප්‍රසාද් දොලේවත්ත සහ විමල් කැටිපේආරච්චිය.ඒ හඪට සවන් දෙන්නට මෙන්ම මගේ පොත රැගෙන යන්නටද මගේ සහෘදයන් එතැනට වඩින බව මම විශ්වාස කරමි.

නමුත් මගේ පොත ගැන කතාබහ එම රාමුවෙන් පිටතට එන්නේය.එහි පළමු පියවර වශයෙන් පොත ගැන මේ කතා අසන්නට වන්නේ වැලිකඩ බන්ධනාගාර භූමියට අයත් බිමකය.ඒ බිමට එන ඔබට සහෘදත්වයෙන් කරන ඊ ළඟ ඉල්ලීම වැලිකඩ බන්ධනාගාරයට පොතක් ලබා දෙන්නටය.ඒ පොත මගේ පොතක් විය යුතු නැත.කුමන හෝ පොතක් විය හැකිය.

පොත් ලියන මගේ මිතුරන්ටත් පොත් ප්‍රකාශක හිතවතුන්ටත් මා කියන්නේ එයමය.ඔබ ලියූ එක පොතක්...එසේත් නැතිනම් ඔබ විසින් ප්‍රකාශනයට පත් කරන ලද පොත් අතරින් එක පොතක්.. මේ දායකත්වය වුව මහා විශාල සෙනෙහසකි.ඒ සෙනෙහස සමඟ ඔබ ලබා දෙන පොත කියවන්නේ වැරදි පාරෙන් හරි පාරට එන්නට සිහින දකින්නෝය.එසේත් නැත්නම් ඒ පොතක් එසේ සිතකවත් නොතිබි කෙනෙකුට අඳුරෙන් මිදී ආලෝකයට යන්නට පහනක් වන්නට ද පුළුවන.

එසේනම් මා දිනය කියන්නම්.එදාට අනිවාර්යෙන් එන්න.මගේ පොත ගැන සංවාදයේ සාමාජිකයෙක් වන අතරම රැදවි සොයුරන් වෙනුවෙන් සෙනෙහසේ දායකත්වය දෙන්න.

අලුත් ගමණකට “රේල්පීලි“ මතට ගොඩ වෙන්න ඔබ සැමට සහෘද ඇරයුම්.ඒ  ගොඩවෙන මොහොතෙ ඔවුන් වෙනුවෙන් ඔබේ අතේ තියෙන්න ඕනි කෙටි  කතාවක්,නව කතාවක්,කවි පොතක් කියන සාහිත්‍යමය සීමාව අදාළ නැහැ.සමහර වි කලාවක් ගැන හෝ කලාව ගැන ලියැවි ශාස්ත්‍රීය පොතක් නැතිනම් කුමන හෝ විශයකට අදාළ පොතක් වෙන්නත් පුළුවන්.ඒ වගේම භාෂාව ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ.ඒකත් මතක තියා ගන්න.

මේ ගැන මා සමඟ කතා කළ යුතුනම් මගේ අංකය - 0773 815 999

Thursday, October 8, 2015

පුතාගෙ ටීචර් පාස්

නංගි  මේක කියවනවකො?

කොහෙන් හරි ලැබුණු ලොකු පිංතූර සහ පාට පාට ඉංග්‍රිසි හෝ සිංහල පත්තර කෑල්ලක් උස්සන් ඒන කාෙල්ල කෙල්ලට කියනවා.සමහර වෙලාවට දෙමළ.

ඒ්ව ගැඹුරු නැහැ.ඒ් නිසා කෙල්ල දන්නව ඩියුටිය කරන්න.ඒ් නිසාම අයිය ඉස්සරහ පොඩ්ඩක් අදිනවා.මෙලෝ වැඩක් නැතිව අෑණුම් අැර අැර හිටියත් ඒ් වලාවට වැඩක්.කොල්ල ඉතිං ඒ් කියන වැෙඩේ ඉවර වෙනකං කෙල්ල පස්සෙ.

ඔන්න ඊට පස්සෙ කෙල්ල ටීචර් වෙනවා.ඒ් රිදම් ඒක අල්ලන්නෙ නැති වුණහම කොල්ල ශබ්දයක් දානවා.තට්ටුවක් දානවා.ඊට පස්සෙ ඒ් තට්ටුව දාපු තැනට උම්මා ඒකක් දෙනකං කෙල්ල කියාදීම නවත්තනවා.කොල්ල බදාගෙන උම්මා දෙනවා.ටීචර් අායෙ ෂේප් වෙනවා.

හැබැයි ඒ් කොළ උස්සන් කවදාවත් අපි ළගට ඒන්නෙ නැහැ.ෙකෙල්ල ළගට තමයි උෟ යන්ෙනෙ.

කෙල්ල අතරමැද ප්‍රශ්න අහනවා.උෟ උත්තර දීලා සංතා්ෙශෙන් හිනා වෙනවා.නංගි අාඩම්බරයට පත් කිරීමත් කාෙල්ලෙගෙ මේ වැඩේ ඒක අරමුණක්.ෙමාෙකද අයියෙගෙ වැඩ ගැන නංගි ඔත්තු දුන්නට අයිය නංගිෙගෙ කිසි දෙයකට බනින්නවත් දෙන්නෙ නැහැ.

කෙල්ල පව්

ඒ් විරෝධයේ පළමු සංඥාව.සමහර විට ඊට වැඩි දේත් කරනවා.

ශිෂ්‍යත්වය දවසට පර පුතාට ඒයා ඉන්න වෘත්තීය පුහුණු අායතනයට යන්න නියම වෙලා තිබුණෙ.

කෙල්ල විභාගයට යනකං ඉන්න ඔ්නි.

ඒ් කොල්ල.

මට අයිය සුබ පතන්න ඔ්නි ඒදාට.ඒහෙම කළොත් මම පාස් වෙනවා.

ඒ් කෙල්ල

විභාගය ඉවර වුණු සැණින් කොල්ල යාළුවෙක්ගෙ වාහනයෙන් වතුරුගම ඒක්කං ගියා.

විභාගය දවසෙ උදේ යන්න ලැහැස්ති වෙලා ටීචර්, අයියට වැන්ද

නංගි හොදටම පාස් වෙන්න ඔ්නි.

අයිය නංගිව බදාගෙන ඉඹින ගමන් කිව්වා.

ඊට පස්සෙ අම්ම ඒක්ක විභාගය ඉවර වෙනකං පන්සලට වෙලා නංගි පාස් වෙන්න කියා කියා තියෙන හැම ගහටම වැන්ද,මාළිගාකන්ද පන්සල පිරිලා තිබුණා.දෙමව්පියන්ගෙන්.විශ්වාස නොකළට කාගෙවත් විශ්වාසවලට ගල් පෙරලන්නෙ මොටද?බිරිද සහ පුතත් ඒ් අය අතරෙ හිටියා.පුතා අනිත් අය කරන කරන දේ කළා.නංගි වෙනුවෙන්

ප්‍රතිපල අාවා.සමත් වූ බව උදේම කියන්න නංගිට අයියව මතක් වුණා.

අප්පට සිරි මරුනෙ.

182 කියන දේ කොච්චර වටිනවද කියලා කොල්ල දන්නෙ නැහැ.ඒ්ත් නංගිට ලාෙකුවට සතුටු වෙන්න පුළුවන් දෙයක් ලැබිලා.උට සතුටු වෙන්න අවශ්‍යය ඒපමණයි.ඒ් අතින් බැලුවම මේ අාදරය දෙන්න අතර තිබුණොත් හැමදාටම අපිට සතුටින් මැරෙන්න පුළුවන්.කාෙල්ලට වරදින්නෙ නැහැ කියලා.

හැබැයි ෙමේක හැදෙන්නෙ අපි නංගි ඉස්සරහ අයියට ඒ් අයිය කියන හැඟිමෙන් හිතලා වැඩ කරන්න මඟ පෙන්නන නිසා.අයිය වැඩිහිටියෙක් ඔහුට ගරු කළ යුතුයි මට වඩා උසස් කියන හැඟීම නංගි තුළ පොඩි කාලෙම රෝපනය වීම මේ සම්බන්ධය ශක්තිමත් වීමට හේතු වුණා.


Tuesday, September 15, 2015

සේයා මැකී යාම


දැන් කතාව සේයා ගැනය.සේයා ගොදුරු වන්නට ඇත්තේ කාගේ හෝ  සෙක්ස් ඇරියස් එකකට බව පැහැදිළිය.මේ ඇරියස් සීරියස් මට්ටමට වැඩෙන්නට අරින සිස්ටම් එක නොහෙල්ලා ඒක ඇතුලේ මොන දේ කළ ද එක එක විදිහට පිස නියඟලා කෑමට සමය.

සෙක්ස් කියන දේ එකම කාමරය ඇතුළේ දිනපතා නිදා ගන්නා අඹු සැමියන්ට හෝ සංතෘප්තිය දනවන අවස්ථා අපේ සමාජයේ බොහොමයක් දැකිය හැකිය.අනෙකාගේ සතුට ගැන නොසිතා තමන්ගේ වැඩේ කර ගෙන අනිත් පැත්ත හැරෙන පිරිමි බොහෝ අැති බව නොරහසකි.තවත් විටෙක ගැහැණු සිත් වැඩ කරන්නේ තමන්ගේ කායික ආශාවන් සිය සැමියාගෙන් ඉල්ලූ විට ඔහු වැරදියට තමන් දෙස බලාවිය යන හැඟීමෙන්ය.අවශ්‍යයතා වෙන්නෙ මේවා වූ විට ඒ වෙනුවෙන් කරන අධම ක්‍රියාවන් සිර කූඩුවක රඳවා,එල්ලුම් ගහේ එල්ලා හමාර කිරීමට උත්සාහ දැරීම යනු මිත්‍යාවක්ය.

මෙවැනි අවශ්‍යයතාවයන්ට විවර වූ මාර්කට් එකේ සේයාලා බලහත්කාරයෙන් ඝාතනය වීම යනු එක් සිඳුවීමක්ය.එහෙත් සේයාගේ වයසේම හෝ ඊට ආසන්න වයස්වල දැරිවියෝ ද මේ මාකට් එකේ හරඹ කරන බවට මගේ අත්දැකීම වසර 20 ක් ය.

ස්ථානය ගෝල්ෆේස් පිටිය වේ.මිතුරෙක් සංවිධානය කළ නාට්‍යයක් නිමා වී පැමිණ අපි මදුවිතෙන් සප්පායම් විමු.මිතුරා ඇතැම් විට ඔබ අසා තිබෙන්නට පුළුවන.අද නීති වෘත්තියේ යෙදෙන ඔහු විපුල ප්‍රභාත් හෙට්ටිආරච්චිය.අද විටෙක ඔහු මට බන්ධනාගාරය තුළ දී හමුවන්නේ රැදවියන්ට උපදේශනය සඳහා පැමිණ සිටියදීය.තවත් මිතුරෙක් වූයේ එවකට දෙමටගොඩ දුම්රිය ස්ථානාධිපති වූ සමන් ය.මා ඔහුගේ සම්පූර්ණ නම සිහිකර ගැනීමට උත්සාහ දැරුවද මතකයට නොනඟින්නේය.

මත මදකින් රසට පෙරළමින් ගී පදවලට පැමිණෙමින් තිබිණ.ඔමාර් ඛයියාම්ට අනුව යමින් ළඳුන් උවමනා හැඟීමක් බවට පෙරලෙන බව දත්තෝ හොරගෙල් අහුලමින් එවකට  හොද තරුණ වයසේ සිටි අප වටා කැරකෙමින් ඉඟි-බිඟි දෙමින් සිටියහ.ඒ අතරින් බ්ලවුස් එකකින් සහ රෙද්දකින් සැරසි ගැහැණියක් ඉස්සර විය.මතයි තරුණකමයි සමඟ මේ වැඩේට උත්තර දුන්නේ අනවශ්‍යය බව හඟවමින් නොවිණ.

‘අපෝ ඔයාට වඩා තරුණ කෙනෙක් නැද්ද?

මිතුරෙක් ඉස්සර විය.තරුණ නම් නැහැ.ගොඩක් පොඩියි.ඕනිනම් දෙන්න පුළුවන්.හැබැයි කටේ විතරයි මහත්තයො.ඒකනම් නියමෙටම කරනවා.

ගැහැණිය රස වපුරමින් ඇස් නටවමින් කියාගෙන ගියේය.

කෝ කොහෙද ඉන්නෙ?

පළමුව සංවාදයට සම්බන්ධ වූ අය පෙරට පැන්නේය.

‘මේ ඉන්නේ‘

ඇය අතේ එල්ලී සිටි අවුරුදු පහක් හයක් පමණ වූ දැරිවිය අප දෙසට තල්ලු කළාය.

වෙරි හිදිණ.අපි නිරුත්තර විමු.නිහඩතාවය බිදිමින් දුම්රිය සේවකයා ඉස්සර විය.හයේ හතරේ දේහයකට ආසන්න සමන් ඒ ගැහැණිය වෙත කඩා පැන්න ආකාරයට අප නොනැවත්තුවේනම් අද මා වැලිකඩ උගන්නන නාට්‍යයට ඔහුවද සම්බන්ධ කර ගන්නට තිබිණ.දහයකට ආසන්න වූ අපේ රැල සමන්ගේ ඇඟේ එල්ලුනේ ගලිවර්ගේ ඇඟේ එල්ලෙන ලිලපුට්ටන් ලෙස ය.

ඇය වේගයෙන් අප වෙතින් ඉවතට ඇදිණ.‘යකෝ මේක මාර වැඩක්නෙ.මේකි කී දෙනෙක්ට සැප දීල ඇද්ද?මුන්ටනෙ අමාරුව.‘ ඒ ඈ ඉවතට ඇඳෙන අතරතුර කී කතාවය.

දැන ප්‍රශ්නයක් තව ඉතිරිව ඇත.ඒ ඈ කී  “කීදෙනා“ අතර  සේයාගේ ඝාතකයාට අමතරව තවත් අය සිටිය යුතුය.ඇතැම් විට ඒ එකෙක් දෙන්නෙක් උද්ඝෝෂකයන් අතර ද,වෙන වෙස් මුහුණකින් සිටිය හැකිය.

මා වෙස් මුහුණු කතාව කීවේ තවත් අත්දැකීමක් සමඟය.

වරක් මට ගුණසිංහපුර ලැඟුම්හල් සමඟ ලොකු සම්බන්ධයක් තිබිණ.ඔවුන් ඈෂ් හෝ ගංජ බිදක හෝ රස බලද්දී ඊට සම්බන්ධ නැති අරත්තුලෝලීන් සමඟ මා ද ගල් විදුරුවක් හෙමිහිට හෙමිහිට හිස් කරන්නේය.එවකට මාවතේ සිටින පුර අඟනන්ට මෙම ලැඟුම්හල් දොරටු විවර වන සේම ලැඟුම්හල්වලද එවන් සංචිතයක් තිබිණ.

මා ඔවුන්ගේ සමීප හිතවතෙක් වූ පසු එහි සිටින අඟනුන්ද සමීප විය.ඇතැමෙක් විටෙක මධුවිතෙන් සප්පායම් වී කම්මුල් මත හෝ දෙතොල් මත හාදුවක් තබා යන්නේ ප්‍රසිද්ධියේය.ඒ සමඟම හිතවත්කමට ජීවිතයේ සියල්ල මට කීමද ඔවුන්ට අමුත්තක් නොවිණ.

වරක් එහි පැමිණි අවුරුදු 18 ද නො‘ඉක්ම වූ ‘දීපිකා‘ දවසක් පැවසුවේ ඇයට දිනකට 40 ට වැඩි පිරිසක් සමඟ යහන් ගත වීමට වන බවය.එහෙත් හිතෙන් නොව කයින් කරන ඒ ගණු-දෙණුවේදී ඔවුන් පුරුෂයාගේ ධාතු විනාඩි ගණනක දී පිට කරවා ගන්නා හැටි හෝ,ගණු-දෙණුකරුව අතින් සනස්සවා එළියට දැමීමේ උපක්‍රම ඔවුන් දන්නා නිසා මේ 40 විහාල ගණනක් නොවන්නේය.

දීපිකා අතිශයින් රූමත් නිසා ඒ ඉල්ලුම ලැබෙනවා යැයි සිතූ විට ගණන 40 නම් පාරේ සිටින අයත් ඒ වෙනුවෙන්ම දිනකට රුපියල් 1500 ක පමණ එවකට ශුද්ධ ලාභයක් ලබන මට්ටමේ වූ ත්‍රී රෝද රියදුරන්ද ගත් විට,කොටුව,පිටකොටුව,මරදාන සහ ආමර් වීදීය ආශ්‍රිත ප්‍රදේශවලත් දිනකට ගැහැණුන් ප්‍රමාණය ඉක්මවා එක ගැහැණියකට පස් හය වතාව ලෙස ගත්තද යහන් ගත වෙන පිරිමි දහස් ගණනකි.එහෙත් මේ අය අතරින් සියයට අනූවක් පමණ ගණිකා වෘත්තීය නීතිගත කිරීම ගැන කතා කළ විට පෙළපාලියට එක් වන්නෝය.

ඒ ආකාරයෙන් බලද්දී මේ සමාජය ගැහැණිය සහ පිරිමියා අතර හෝ ලිංගික චර්යාවන් ඇසුරේ විවෘතව අදහස් හුවමාරු කර ගන්නට තරම් දියුණු නොවූ වට-පිටාවක් සහිත සමාජයකි.වැට කඩුලු එමටය.මේ සියල්ල සිදුවන්නේ ඒ වැට කඩුලු වලින් සිරවුණු පුංචි කොදෙව්වකය .මේ සිතුවිලි සිර කුටියෙන් පැන යන කය කොතැන නවතීද?කුමන දෙයක් කරාවිද යන්න සැකය.ඒ නිසා එක රැයකින් සේයා ඝාතකයා නිර්මාණය නොවූවා සේම,සේයා වැනි මල් කැකුළු අකලට පර කොට දමන්නන්ද එක් රැයකින් නැති කර දැමිය   නොහැකිය.

සේයා මකා දැමිය නොහැකිය.නමුත් සේයාවන් මතු නොවන්නට කළ හැකි දේ ඇත්තේය.සේයා ඝාතනය කළ එකෙකුගේ හෝ පිරිසගේ මානසිකත්වය මටනම් ඇය ගැන හඬමින් ඇයගේ නිරුවත් ඡායාරූප පළ කළ අයට බෙහෙවින් සමාන බව ද කිව යුතුය.

Wednesday, September 9, 2015

බයි ටොයි ටියුන් එක


කාලයක සිට පිරිසක් බයියෝය.පිරිසක් ටොයියෝය.මේ බයි කතාවට පන දුන්නෙ හිටපු ජනපති පාර්ලිමේන්තුවේදී අය - වැය ඉදිරිපත් කර ඇසූ ‘කොහොමද බයියන්ගේ වැඩ කතාව‘ නිසාය.මේ කතාවෙන් ගම්‍ය වන්නට වූයේ මහින්දට බයි කතාවෙන් රිදෙන බවය.මහින්ද කියන ඕනෑම දෙයක් වැළදගන්නා පිරිස ඉන් අනතුරුව ස්ව කැමැත්තෙන් බයියෝ වූ අතර සෙස්සෝ (විශේෂයෙන් යූඇන්පී) ටොයියෝ වූහ.

මේ දෙපිරිසෙන් පැත්තකට මා ද මේ වෙන විටත් දමා ගෙන තිබෙන බව මම දනිමි.නමුත් කිසිවෙකුට මා එම වචනය යොදා නැත.සාමාන්‍ය ජනතාව බයියන් හෝ ටොයියන් නොවන අතර ඔවුන් සියල්ලම බයියන් කර ටොයියන් ලෙස වැජඹෙන්නේ මේ බෙදීම ඇති කරන පිරිසය.දැන් මේ කතාව පැහැදිළි කරමින් ටොයියන් එක පිළක් වී ඇත.මේ පිළ තුඝ සිටින ඇතැමුන් සම්බන්ධයෙන් ඉන් පිටත සිටින අපි නැවතත් බය - ටොයි වාදය මවා ගනිමින් ගැටුම් ඇති කරමින් සිටිමු.හිත පාර ගනිමින් සිටිමු.

මේ දේශපාලන සංස්කෘතිය හිරිකිත වන්නේ මේ බෙදීම් නිසාය.තමන්ට කැමති පක්ෂයක් හෝ පුද්ගලයෙක් වෙනුවෙන් පෙනී සිටින්නට ඇති අයිතිය තවෙකෙක්ට රුස්සන්නේ නැත.මේ නොරිස්සීමට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින බව කියන්නට යාමෙන් තත්ත්වය තවත් භයානක වන්නේය.තවත් අයකුගේ දේශපාලනය ඉවසන්නට බැරි වීමම ප්‍රජාතන්ත්‍රවාදි නොවන්නේය.මේ බයි - ටොයි බේදය ඇති වීමේ සංස්කෘතික අවුල නිර්මාණය වීමේ තැනය.

දැන් මේ බේද භින්න වූ මතවාදීව හැප්පුණු අය හිත පිරිසිදු කර ගැනීමට පත් වී ඇති ඇමති මණ්ඩලයට බනින්නට පටන් ගෙන ඇත.එහිදි මතු කරන ප්‍රධාන තර්කයද පත් වූ එකා බයියෙක්ද ටොයියෙක්ද යන්න විමසා බැලිමය.මොකෙක් වුව ද උන් ඔක්කොම සිටින්නේ ඇමති මණ්ඩලයේ එකටය යන්න මෙහිදී අපි අමතක කරන්නෙමු.ඒ දැන කරන වරදක් විය හැකිය.නැතිනම් හිතන්නට අමාරු නිසා නොසිතා කරන අවලාද නැඟීමක් ද විය හැකිය.

මුල සිටම වගේ මේ බයි ටොයි චැනල් ටියුන් වන්නේ වැරදියටය.ඒවා පුද්ගල කේන්ද්‍රීයව කරන විවේචන බරපතලය.ඒ විවේචනයට ලක්වන අය සම්බන්ධයෙන් පෙනී සිටින අයට ඔහුව ආරක්ෂා කිරීමට අවශ්‍යය සාධක ලෙස මතු කරන්නේ ප්‍රතිවිරුද්ධ පිලේ සිටින ඊට වඩා නරක අයෙක්ය.නැතිනම් විවේචනයට පිළිතුරු එන්නට ගන්නේ තිත්ත භාෂාවෙන්ය.කවුරුත් වරද වැරදි හැටියට දකින්නේ නැත.ඒ වරදට ප්‍රති පිළේ වරදක් කපා සමාන කරන්නට යාමේදි වරක් විමල් වීරවංශට එකින් එක බෙදූ විට බිංදුව වූ ආකාරයේ උත්තර මැවෙන්නේය.ඇත්තටම එවැනි ක්‍රියාවල සමාජයට ලැබෙන ප්‍රතිපලයනම් බිංදුවමය.

මොන ඇමති ආවත් ඒ ඇමති රටට වැඩ කළ යුතුය.වැඩ නොකරන්නේනම් ඒ සදහ අවශ්‍යය ආකාරයට සිවිල් සමාජය සමග අවශ්‍යය ජනතා මැදිහත්වීමට පෙළ ගැසිය යුතුය.ඒ වෙනුවෙන් උන් එක පිළක් වූ ආකාරයට සාමාන්‍ය ජනතාව වන අප ද එක පිළක් විය යුතුය.බැනගත්තු,කියාගත්තු දේ වල හැටියට එක පිළක සිට එක අරමුණක් වෙනුවෙන් කතා කරන්නට පුංචි ලැජ්ජාවක් ඇති විය හැකිය.එසේත් නැතිනම් ඒ ඒ පිල් වෙනුවෙන් වෙහෙසීම නිසා ලැබුණු පඬුරු පාක්කුඩම් නිසා දිවවල් අඟුළු වැටී තිබෙන්නට ද පුළුවන.නමුත් මේ අඟුළු මහා ප්‍රශ්නයක් නොවන්නේය.ඇමතිවරු එක පිළක සිටින අයුරෙන් අපිටද එක පිළකට ඒමට හැකිය.

දැන් පුද්ගලයා සහ ඇමතිකම කොටස් දෙකකට බෙදා ගත යුතුය.ඔහු ඇමතිවරයා ලෙස කරන දේ කවරේද යන්න මිස පුද්ගලයා ලෙස කළ දේ සිතීම පසෙකට දැමිය යුතුය.ඇමති වගකීම දරන හැටි විමසා බැලීමට කාලයක් අවශ්‍යය වන්නේය.පාසල් අවධියේද දඟයන් හොඳ කිරීමට ශිෂ්‍ය නායක පදක්කම් පපුවේ ගසන අයුරු අප දැක ඇත.මහා අපරාධකාරයන් වැරදි තේරුම්ගෙන ජීවිතය හැඩගසාගෙන හොදින් ජීවත් වෙන්නට අවශ්‍යය වටපිටාව සකසා ගන්නට වෙර දරන අයුරු මා බන්ධනාගාරය තුළ දී දැක ඇත.

ඇමතිවරුන් ලෙස පත් වූ අය එවැනි පුනරුත්තාපනයක් ලබනු ඇතැයි මා විශ්වාස නොකරමි.නමුත් සෑහෙන දුරක් ඔවුන්ට හොද අතට වෙනස් වීමේ හැකියාව නැතැයි මම නොකියමි.ඒ නිසා බයි-ටොයි ටියුන් කිරීම අත හැර ඇමතිවරුන් රට සහ අපි වෙනුවෙන් ටියුන් කරවා ගැනිමට අපි එක පිළක සිට මීටරය කර කැවීමට උත්සාහ ගත යුතුව ඇත.අවශ්‍යය චැනල් එක හොදට ටියුන් නොවුණ ද බර බර ගෑවිල්ලේ හෝ ඇසිය හැකිනම් කවදාවත් අපි ටියුන් කරන වුන් අපිට උන්ගේ චැනල් එක අපේ ලෙස අසන්නට දීම හෝ වෙනස් කර ගැනීමට හැකිවනු ඇත.

තව දුරටත් අපි පිල් ලෙස නොව එක පිලක් ලෙස වැඩ කිරීමේ හැකියාව අත්හදා බලන්නේනම් අමාත්‍ය මණ්ඩලය එක පිලක් ලෙස එක අරමුණකට ගෙන ඒමට එය සාධනීය ක්‍රියාවලියක් වනු ඇති බව මගේ විශ්වාසය ය.

(පත් වූ ඇමති මණ්ඩලය නිවැරදිම හෝ නිවැරදි එකක් ලෙස අර්ථ ගැන්වීම උත්සාහය නොවන්නේය.අපි නිවැරදි අස්ථානයක සිට සමාජය නිවැරදි අවශ්‍යයතාවයන් වෙනුවෙන් සංවිධානය කළ හැකිද යන්න අත්හදා බැලීම වටිනා බව සිතන බැවින් මේ සටහන තැබුවෙමි.) 

Thursday, September 3, 2015

පිං පාට පවු

elephantබොහෝ පාප අප අත් විදින්නේ පිං පාට තවර ගෙන ය .ඒ නිසා ඒවා පිං හෙවත් පුණ්‍ය කර්ම ගණයට වැටෙයි. කැලණියෙන්,රත්නපුර සමන් දේවාලයෙන්, මහනුවර දළදා මාළිගාවෙන් නොනැවතී, ගමේ පන්සලක් පන්සලක් පාසා කඨිනයට ද පෙරහර කරන බෞද්ධ අන්ධ ශ්‍රද්ධාව ද මෙවැනි පිං තැවරූ පාපයකි.
තිරිසන් සතකු පිට උත්තරිතර ධාතූන් වැඩමමවීම ගෞරවයක් ලෙස සිතීම පසුගාමී හීනමාන සිතුවිලි ධාරාවක ප්‍රතිපලයක්ම විය යුතු ය. ධර්මය අවබෝධ කර ගැනීම මිනිසකු වූ පමණින් කළ නොහැකි ඒ සඳහා වූ විශාල බුද්ධියක් ද පැවතිය යුතු වේ.
ඉහත වන්නේ එහි රළු කියවීම ය. බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔද වැඩුණු ඇතැම් බෞද්ධයන් ශ්‍රද්ධාව පෙරදැරි කර ගෙන දුවන කල ඔවුන්ට නොපෙනෙන්නේ එම ශ්‍රද්ධාවට යටන් දිවෙන මහා ඛේදණියත්වය ම ය.
දෙවන කියමන බෞද්ධ යැයි ලේබල් නොකළ මනුස්සකමට අදාළ සංවේදීතාව අවදි කරන ඡායාරූප පෙළකින් ගෙන හැර පාන්නට අපි තීරණය කළෙමු.
ඔබ පෙරහරේ කරඬුව වඩම්මන හස්ති රාජයාගේ තේජස, ඇඳුම පැළදුම මෙන්ම එසේ ගමන් කරන අලි ඇතුන්ගේ රංගන, ශ්‍රද්ධාව සහ බාහිර ආයිත්තම්වල ඔපය කතා කිරීමෙන් ඔබ්බට මේ ගැන නොසිතන්නට ඇත. මේ පිං කාර අලි ඇත්තු ඔබේ පිං සිත අවදි කරවන්නට මේ මොහොත එන තෙක් විඳින වද බන්ධන මේ සමඟ වන ඡායාරූපයන්හි සටහන් වී ඇත.
ඔබ බොහෝ භක්තියෙන් පිං පතා සාදු කාර දෙන්නේ,මේ සතුන්ගේ වේදනාව මතින් සසර කෙළවර අමා මහ නිවන් සුව ලබා ගන්නට ය. පිංකාර, වේදනාවකින් තොර සුගතියම අත්පත් කර ගණු පිණිස ය.
කෙනකුගේ වේදනාවෙන් සංතෘප්තිය සෙවීම සැබෑ බෞද්ධකමට අදාළ යයි ඔබ සිතන්නේ නම්, ඔබ විශ්වාස කරන බෞද්ධ හැදියාව, සාර ධර්ම ඒ දර්ශනය තුළ තිබේනම් ඔබට මරණින් මතු අමා මහ නිවනේ දොර විවර කර ගැනීමේ සොදුරු මොහොත ඉක්මනින් උදාවෙනු සැක නැත.
එසේ නොවන්නේනම්;
කෙනකුගේ අතිශය වේදනාකාරි අත්දැකීමකින් මහත් වූ සුව ඇති නිර්වාණය පතා ආශ්වාදයක ගිලුණු බව දැනීමෙන් ඔබේ සිත සුවපත් නොවනු නිසැක ය. පෙරහරේ අලියා ඔබේ බෞද්ධ චින්තනයේ යථාර්ථය රැක ගැනීම පිණිස ඒ ගමන් මඟින් ඉවත් කළ යුතු නොවේද? මේ වේදනාකාරි ඉවසීම සමඟ ඔවුන් වෙතින් වින්දනයක් අපේක්ෂා කිරීම බෞද්ධකම ද?
අලුතින් සිතමු!අහිංසකයකු ගේ වේදනාවේ එල්ලි නිර්වාණයට යාම ගමරාළ අලි නැට්ටේ එල්ලි ගොස් පෙන් වූ දිව්‍ය ලෝකයේ සුඛ විහරණ තරම්ම හාස්‍යයට සහ උපහාසයට කරුණක් ම නොවන්නේ ද?.
නිශ්මං
nismansinghe@gmail.com
ඡායාරූප – සේව් ද එළිෆන්ට්
10626596_457030281149759_1271249720991055202_n
10985442_457030667816387_5349553274938499544_n
11013636_457030631149724_6314051076657208888_n 
11218875_457030637816390_4229736042462058931_n 
11220909_457030594483061_3812102598300590902_n

11895950_457030314483089_5248141605694392121_n

11913230_457030317816422_2999299635771956275_n

11937935_457030271149760_5534309954239278932_n

11947483_457030277816426_6257431390246512624_n

11949447_457030627816391_7410314083311644224_n

11951397_457030607816393_5834979005360044233_n

11953208_457030507816403_8001109660064064804_n

11953208_457030507816403_8001109660064064804_n

http://thecolombopost.net/?p=190430

විපක්ෂයේ සම්බන්ධතා සම්බන්ධ කිරීමේ වගකීම පැවරුණු සම්බන්ධන්



රාජවරෝදියම් සම්බන්දන් අටවන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ය.1933 පෙබරවාරි 5 දා උපත ලැබූ සම්බන්ධන් උතුරේ දේශපාලන ප්‍රවාහය තුළ ප්‍රජාතන්ත්‍රවාදී ලකුණ හැටියට හැදින්විය හැකිය.

ආයුධ සන්නද්ධ අරගලයක නියැලෙමින් ඒලටීටීඊ සටන්කාමීන් සිය අයිතීන් පිළිබදව කතා කරද්දි වරෙක ඒ වෙඩි උණ්ඩවල සාහසිකත්වය හමුවේ සැඟවෙමින්ද,යුද්ධයෙන් මෙපිට ඔවුන්ගේ සැබෑ ගැටළු වල හඩ වෙමින්ද 1977 සිට මේ රටේ පාර්ලිමේන්තු දේශපාලනය තුළ රැඳුණු සම්බන්ධන මහතා වත්මන් පාර්ලිමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයෙකි. 

ලංකාවේ සංවර්ධන ව්‍යාපාර අතර අදත් ඉහළින් ඇගයෙන ගල් ඔය ව්‍යාපාරයේ අධිකාරිවරයෙක් වූ ඒ.රාජවරෝදම් සම්බන්ධන මහතාගේ පියා ය.ඔහුගේ ඥාතීන් වන එස්.සිවපාලන සහ එන්.ආර්.රාජවරෝදම් ද පාර්ලිමේන්තුව නියෝජනය කළ මහජන නියෝජිතයෝය.

දකුණ සමඟ ඔහුගේ සම්බන්ධතාවයන් ගො නැඟෙන්නේ ශිෂ්‍ය අවධියේමය.ශාන්ත ප්‍රැට්ට්‍රික් විද්‍යාලය - යාපනය,ශාන්ත ජෝෂප් විද්‍යාලය - ත්‍රීකුණාමලය මෙන්ම ඔහු අධ්‍යාපනය ලැබූ විද්‍යස්ථාන අතරට කුරුණෑගල ශාන්ත ආනා විද්‍යලයේත් මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයත් එක් වන්නේය.

සංජීවන් සහ සෙන්තුරන් යන පුතුන් දෙදෙනාට ද,ක්‍රිෂාන්තිනී දියණියටද ආදරණිය පියෙකු ලෙස වගකීමෙන් බැදෙන සම්බන්ධන් මහතාගේ ආදරණිය ප්‍රියංමිබිකාව වන්නේ ලීලාවතීදේවී ය.

සම්බන්ධන් මහතා වෘත්තියෙන් නීතිඥයෙක් වන අතර ඔහු ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ සමග සම්බන්ධ වන්නේ 1956 දී ය.එවකට 22 වන වියේ පසු වූ සම්බන්ධන මහතා පළමුවරට 1977 දි ත්‍රිකුණාමලය අසුන ජය ගනිමින් පාර්ලිමේන්තුවට පත් වෙන විට 44 හැවිරිදි වියේ පසු විය.1977 න් පසු පැවති 1989 මහ මැතිවරණය හැර සෑම මැතිවරණයකදීම ඔහුට ජනතාවගේ කැමැත්ත ඉහළින්ම හිමි විය.89 දී පමණක් ඔහුට මන්ත්‍රීවරයෙක් ලෙස තේරී පත්වීමට නොහැකි විය.

උතුරුකරයේ පීඩනයට සිමිත දේශපාලන අරගලයක නියැලි සම්බන්ධන් වර්ථමාන පාර්ලිමේන්තු ව්‍යහුය තුළ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම එකඟතාවයකින් ආණ්ඩුව ලෙස ජාතික ආණ්ඩු සංකල්පයට අවනතව කටයුතු කරන තත්ත්වයක් තුළ විපක්ෂ නායක ධූරයට වඩාත් සුදුස්සා විය.දේශපාලනික අර්ථයකින් සිඳු නොවුණු ඔහුගේ ප්‍රතික්ෂේප කිරීමේ ක්‍රියාවිලියට උරදුන් ගේ හදවත අභ්‍යන්තරයේ මතුවෙමින් ආවේ බොහෝ විට ජාතිවාදි කුහකත්වය විය.එසේත් නොවේනම් ස්බන්ධන් ජාතිවාදි ස්ථාවරයක පිහිටා කටයුතු කරයි යන සැකයය.

මේ ආකාරයෙන් බලන විට සම්බන්ධන් ඉදිරියේ සිය දේශපාලන පෞරෂ්‍යය සම්බන්ධයෙන් ඔප්පු කර පෙන්වීමට කරුණු දෙකක් ඇත.ජාතික දේශපාලනයෙන් උතුර වෙන් කර නොගෙන සමස්ත දේශය වෙනුවෙන් දේශපාලනික අර්ථයකින් පෙනි සිටීමට සහක්‍රියා කිරීමට ඇති පරිනත බව ඔහු පෙන්වා දිය යුතුය.ජාතියකට ප්‍රෙද්ශයකට සීමා නොවී දේශයටම බලපාන පරිදි ඔහුට හිමි වූ නායකත්වයේ වගකීම ප්‍රෙද්ශියත්වයට සිමා නොකරන මැදිහත්වීමක නියැලිය යුතුය.

සම්බන්ධන් උතුරට අයිති දේශපාලනඥයෙක් ලෙස සිතන බහුතර ජනතා මතය වෙනස් කිරීමටනම් සම්බන්ධන් උතුර ගැන පමණක් නොසිතන දේශපාලනඥයෙකු විය යුතුය.එබැවින් ඉදිරියේ දී  විපක්ෂනායක ධූරයේ වැඩිම අභියෝගය ඇත්තේ සම්බන්ධන්ටය.රට ඉදිරියේ උතුරටත් දකුණටත් බලපාන යහපාලනය ගෙන ඒමේ පොරොන්දුව රජය සතුය.ඒ පොරොන්දුව ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරවීම විපක්ෂය සතුය.සම්බන්ධන්ට පැවරුණේ ඒ ක්‍රියාවලියට නායකත්වය දීමේ වගකීමය.

රටේ සමස්ත දේශපාලන ව්‍යහුයමය වශයෙන් වෙනසකට ලක් කිරීමට ජනවාරි 8 ව දා ඇති වූ වෙනස්කම ස්ථාපිත කිරීම සඳහා කොන්දේසි විරහිතව උතුරේ ජනතා මතය දිනා දීමට කටයුතු කළ සම්බන්ධන් මහතා ඒ පත් වූ ආණ්ඩුවෙන් වරදාන කිසිවක් නොපැතීය.හුදු විපක්ෂ මන්ත්‍රි ධූරය පමණක් දරමින් කටයුතු කිරීමට තරම් ඔහු ප්‍රතිපත්තිගරුක විය.

ලෝකයට ජාතියක් ලෙස නොව රටක් ලෙස සිතීමට හැකි දේශපාලන දැක්මකින් මේ රටේ ව්‍යවස්ථාදායක සභාව පොහොසත් බවට ලෝකය පේන චිත්‍රයේ කැපි පෙණෙනම රේඛාව සම්බන්ධන්ය.ඒ රේඛාවට ලැබි ඇති වර්ණය වියැලෙන්නට,මැකෙන්නට නොදී රැක ගනිමින් මේ රටේ දේශපාලන ඉතිහාසය වෙනස් කරන යහපාලනයක් මත ආණ්ඩුව රඳවා තබන්නට සම්බන්ධන්ට සහ ඔහුගේ නායකත්වයට ශක්තිය ලැබේවා යන්න ‘ද කළම්ඹු පෝස්ට් පැතුමය.

Friday, July 31, 2015

අපේ උරුමය?

මේ මැතිවරණ සමයයි.පොරොන්දු වැසිවලට තෙමී හුස්ම ගන්නත් අමාරුය.ඒ තරමට පොරොන්දුය.මේ පොරොන්දු සෑම එකකම පාහේ ප්‍රධාන වශයෙන් අවධානය යොමු වන්නේ රටේ කෘෂි ආර්ථිකය සම්බන්ධයෙන්ය.ඒ අපිට ලොවට බත සැපයූ රටක් හැටියට ඇති දීර්ඝ ඉතිහාසය නිසාවෙන්ය.

අපට බත සපයන රජ පරපුර (මඩ සෝදා ගත් ගොවියා එබඳු බව නිතර ඇසෙන්නේය) තවමත් සිය කෙත පෝෂණය කරන්නේ විශාල වශයෙන් පුරාණ රජ දවස තැණනු වාරි කර්මාන්ත හරහා ය. අලුතින් තැණුනු දේ කාලයට සාපේක්ෂව ගත් විට නොතැණුනු ගාණය.

බොහෝ අය රජ දවස තැණුන වැව් පිළිබදව කතා කරන විට එය විශ්මයක් කොට තකන්නේය.වැව් පමණක් නොව බොහෝ ඉදිකිරීම එබඳුය.නමුත් දන්නා තරමින් මේ පුරාණ ඉදිකිරීම් තාක්ෂණය මේ රටේ වෘත්තීය ඉංජිනේරු තක්ෂනය උගන්වන ආයතනවලට විෂයක් වී නැත.(එය වැරදිනම් රසික වැනි අයෙක්ට හෝ මේ විෂය ගැන හොදින් දන්නා අයෙක්ට නිවැරදි කරන්නත් විග්‍රහ කරන්නත් පූර්ණ අවසරය ඇත.

මා කියන දේ නිවැරදිනම් ඒ උරුමය ඔස්සේ දැන්වත් දිගු හැදෑරිමකට යායුතු බව මට හැඟෙන්නේය.ඒ ඒ කාලයට සාපේක්ෂව නැවත ඉදි කිරීමට නොව.ඒ තාක්ෂනය පදනම් කර ගනිමින් අලුත් යමක් සොයා ගැනීම පිණිසය.නමුත් අතීත කාමය වළදමින් ඒවා ‘මාර දේවල්‘ හැටියට පෙන්වා දෙන්න උත්සාහ කරනවා විනා මේ තාක්ෂනය නවීනත්වයට රැගෙන ඒමට අපි උත්සාහ නොකරන්නෙමු.

පුරාණ උරුමයන් ගැන තෘප්තියක් ලබනු විනා,ආඩම්බරෙන් කතා කරනු විනා ඒවා අලුත් කොට භාවිතයට ගන්නා ක්‍රමවේද සෙවීම හෝ ඒ අරමුණෙන් හදාරනු හෝ පරීක්ෂන කිරීමක් අප දකින්නේ නැත.

ඊට හේතුව කුමක් විය හැකිද?

පුරාණ රද දරුවන් රටේ ඒඛීයත්වය වෙනුවෙන් සටන් කළෝය.එහෙත් ඒ බර රටේ ජනතාවගේ බඩට හෝ හිතට නොදැනෙන්නට ආර්ථිකය කළමණාකරනය කර ඇත.මේ සියළු ඉදිකිරීම් අපට දෙන පණිවිඩය එබඳු යැයි මට හැඟේ.නමුත් එයින් සුළු ප්‍රතිශතයක් ඉටු කරන පිරිස් තාප්පවල දුටුගැමුණුලා වෙති.පරාක්‍රමබාහුලා වෙති.ඒ අපේ හදවත් තුළ තවමත් වත්මන් දේශපාලනඥයාට අයිති කර ගන්න බැරි කොටසක් ඒ රජදරුවෝ දරන බැවිනි.

දුටුගැමුණුලා විරයෝ කර ගන්නා අය දුටුගැමුණුගේ හොදම දකිති.ඔහුව සම්පූර්ණයෙන් හදාරන්නට විවෘත නැති අධයාපනික දේශපාලන පසුබිමක තත්ත්වය එබදුය.ඒ විවෘත හැදෑරිමකට ඉඩ නොතබා වීරත්වය පමණක් එලියට දමා හදාරන්නට සළස්වන හේතුව ඊට ආදේශ වන්නට වර්ථමාන චරිතවලට ලැබෙන ඉඩ ප්‍රස්ථාව සුරැක ගැනීමය.

ඒ කුණු වි ඕජස් ගලන අපේ දේශපාලනයේ මෙන්ම ඒවා වටා රොක් වී ආවඩන සියල්ලන්ගේ උරුමයය.අරුමය එය උරුමයක් ලෙස පවත්වා ගෙන යනු විනා මේ සටහනට පාදක වූ අපේ ඉතිහාසයේ ඉදිකිරීම් තාක්ෂණය තවමත් විෂයක් ලෙස හදාරන්නට අවධානය යොමු කර නොතීබීමය.ඒ නිසා ඒ උරුමය වචනවල රහට සීමා වුණු හදවතට රහ දැනෙන දෙයක් වී නැත.

මහා සාගර බඳු ජල කදවල් කළමණාකරනය කර රටේ කෘෂි ආර්ථිකය ලෝකයට බත් දෙන රටක් බවට පත් කළ අපේ උරුමය හදාරන්නට එය වෙනම විෂයක් ලෙස අපේ අධ්‍යාපනයට ඇතුළත් විය යුතුය.ඒ සම්බන්ධ පර්යේෂණ ආයතනයක් අඩුම තරමේ අපේ රටේ ඉංජිනේරු පීඨවල හෝ ස්ථාපිත විය යුතුය.අද අපි සිටින්නේ නියඟයෙන් බැට කන විට ඒ මහා සාගර බඳු වැව් පේන මානයේ ගම්වලට වතුර එකතු කරන්නට කොළඹින් ප්ලාස්ටික් සහ රබර් බැරල් උස්සන් යන තත්ත්වයකය.මේ බර දරන්නට වන්නේ එදා සිට මේ දක්වා එන ගමණ තුළ අපි විසින් අතහැර දමන ලද අපේ මාවත පිළිබද පියෙන් පිය අපට දැණුමක් නොමැති නිසා විය යුතුය.

බ්ලොග් අඩවි මෙන්ම අන්තර්ජාලයේ සමාජ වෙබ් අඩවි ද මේ රටේ තීරණාත්මක සාධකයක් වන තරමට වැඩී තිබෙන බව මම විශ්වාස කරමි.ඒ නිසාම මේ කරුණ පිළිබදව සංවාදයක් ගොඩ නඟන්නට මේ විෂයානුබද්ධ දැණුම ඇති අය ප්‍රමුඛතාවය ගන්නේනම් එය ඉතාමත් වැදගත් දෙයක් වනු ඇත........

Monday, June 8, 2015

නිමාලි! තව හයියෙන් දුවමු!

http://thecolombopost.net/?p=140553
ඉහත ලින්ක් එක එක්ක මගේ මුහුණු පොතේ තිබුණු මේ සටහන වෙබ් එකට දාන්න යෝජනා වුණා.ඊට පස්සෙ මම යෝජනා කරලා ස්ථිර කරලා මගේ බ්ලොග් එකට දාන්න තීරණය කළා.

Nimaliනිමාලි අද දවසම කතා වෙන මාතෘකාවක්.ඒ රටක් වටින කෙල්ලෙක් විදිහට.මීට අවුරුදු හය හතකට උඩදි මේ හැකියාවන් ඔක්කොම තියා ගෙන මේ කෙල්ල පිට්ටනියෙන් හැංගෙන්න හැදුවා.ඒවට නොයෙකුත් මානවීය තර්ක ගෙනාවා. සූරියවැව ඉදන් උදේ බස් එකේ කොළඹ ඇවිත් සුගතදාසෙ පෙර පුහුණු ට්‍රැක් එකේ නිදාගෙන විවේක අරගෙන තරග කරලා දිනලා ආපහු සූරියවැව යනවා කියන එක පහසු දෙයක් නෙමෙයි. කොච්චර දිනුවත් ජීවිතයට එකතු වෙන පහසුකමක් නැහැ. ගෙදර මිනිස්සු අමාරුවෙන් හම්බකරලා දෙන තුට්ටු දෙක බස්වලට පුදනවට වැඩිය දෙයක් වෙන්නෙ නැහැ. එකා එකා පහු කරලා දිණුම් කණුවට එන එක ඇරෙන්න ජීවිතයට එකතු වෙන දිණුමක් නැහැ. මේ සිතුවිල්ල එක පාරට එළියට දාන්නෙ නැතුව අතිශයින් මානුශික හේතු ඉදිරිපත් කරන නිමාලි ගැන පළමු අකුරු ටික පත්තරේට ලියපු දවසෙ ඉදල මං ගැන පුංචි ගෞරවයකට ආසන්න දෙයක් තිබුණා. ඒ සටහන මං ලිව්වෙ රාවයට.දුර දිවීම කෙට් කලක් ද වගෙ එකක් මම දාලා දුන්නම වෙඩ්ඩා ඒක වෙනස් කළා.
නිමාලි දුවන්නීය…කෙතරම් දුරක්ද? මට මතක එහෙමයි.එදා නිමාලිට දුවන්න උදව් කරන්න කට්ටිය ආවා. වැවේගම ස්කෝලේ විදුහල්පතිතුමා ඒ උදව් කරන්න එන අය ගැන කිව්වෙ මෙහෙම. මගෙ පුතත් ඇක්සිඩන්ට් වෙලා ඉන්නෙ.වෙන කවුරුත් මේක භාර ගන්න ගුරුවරයෙකුත් ස්කෝලෙ නැහැ.ඔබතුමා මේ ලැබෙන දේවල් එකතු කරන වැඩේ භාර ගන්නකො.
ඒත් එක් භාර ගන්න මට අකමැති වෙන්න සිද්ධ වුණා.මට කළමනාකරණයෙන් පුළුවන් වේදිකා පරිපාලනය විතරයි.
ඒත් ප්‍රශ්න උඩින් පැන පැන නිමාලි දිව්වා. වාර්තා තිබ්බා. දිනුවා. ඒත් වෙනසක් නැහැ. නිමාලිට දුවන්න බය හිතෙන පාරභෞතික දේවල් එන්න ගන්නෙ එතන ඉඳලා.
ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ලාල් ඒකනායක වගේම ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙ වර්ථමාන ගෘප් කපිතාන් දීපාල් මුණසිංහ,පුහුණුකරු සුජිත් අබේසේකර සහ මං මේ වැඩේ අභියෝගයක් විදිහට භාර ගන්නවා.
නිමාලි ඒ අනුව ගුවන් හමුදාවට සම්බන්ධ වෙනවා. මීටර් 3000 බාධක දිවීම ශ්‍රී ලංකා වාර්තාව දුවන දුවන තරගෙදි නිමාලි අතින් අලුත් වෙනවා. මේ අතර නිමාලි ගත කළ කටුක කර්කශම ජීවිතය එක්ක බැඳුණු දේවල් නිමාලි පස්සෙන් හඹා එන්න වෙනවා. ජාතික තරගවලට දුවලා ගෙදර සල්ලි ඉවර කරනවට වැඩිය සූරියවැව වටේ තියෙන අවුරුදු උත්සවවලට දුවන එකයි ඇතැම් වෙලාවට බයිසිකල් රේස් පදින එකයි අතට මොනව හරි දෙයක් ලැබෙන දෙයක් නිසා නිමාලි කෑමක් බිමක් විවේකයක් හිතන්නෙ නැතිව ඒ තරගවලට සහභාගි වෙච්චි ඉතිහාසයක් තිබුණා. ඒ වැරදි පස්සෙන් ඇවිත් නිමාලිගේ උදරයෙන් අල්ලා ගන්නවා.ඇය දුවන හැම වෙලේම වගේ වේදනාවෙන් ඇද වැටෙන්න ගන්නවා.
‘නිමාලි ඉවරයි‘
එහෙම හිතපු අය හිටියා.ඒත් මේ වෙන කොට නිමාලිට දිරිය දෙන්න ඉස්සර තරම් අපිට මහන්සි වෙන්න ඕන කමක් තිබුණෙ නැහැ.
මං ආයෙ දුවනවා නිශ්මං අයියෙ
අපි භාගෙට හිත හදන්න වටින් එබෙන කොට කෙල්ල බොහොම තිර සාරෙට එහෙම කියනවා.
පළවෙනි පඩිය අතට අරං නිමාලි මට කතා කළ හැටි මට තවමත් මතකයි. මාස් දෙක තුනක පඩි දිමනා එකට එකතු වෙලා රුපියල් හැත්තෑපන් දහසක්.
මට නිශ්මං අයියට මොනව හරි අරං දෙන්න ඕනි.
සමහර ක්‍රීඩිකාවො දක්ෂතා අධ්‍යාපනය මත ඉහළ තනතුරු සඳහා යොමු කළ යුතුය කියන තැන ඉදල මං රැකියාවට යොමු කරල ඒව සාර්ථක වුණහම ආයතනයෙන් කතා කරලා කිව්වත් ඒ අය තවම කියලා නැහැ.ඒ අතින් නිමාලි සෑහෙන්න වෙනස්.
මට ඔක්කොම සල්ලි ටික ඕනි.
මං මේ පැත්තෙන් දුරකතනයට උත්තර දෙනවා.
ඇත්තටමද? කමක් නැහැ. මට ආයෙ පඩි ලැබෙනවනෙ. නිශ්මං අයියට දෙන්නම්.
ඇස් ඉක්මනට තෙත් වෙන අසනීපය නිසා මං ඒ වචනත් එක්ක ටික වෙලාවක් ගොළු වුණා.
‘නෑ මට සල්ලි එපා.හැබැයි මේ සල්ලිවලින් උඹ මම කියන දේ කරන්න ඕනි.‘
මගෙ වචනවලට කෙල්ල එහා පැත්තෙන් දුන්නු උත්තරේ තමයි ‘අනිවා‘
ඊට පස්සෙ පුහුණුකරු සුජිත් අබේසේකරගෙ උපදෙසුත් අරගෙන නිමාලි සාමාන්‍ය පෙළ අත හැරුණු කඩඉම ජයගන්න වෙහෙසෙනවා. දුවනවා, ඉගෙන ගන්නවා. ඒ විතරක් නෙමෙයි, සූරියවැව ප්‍රදේශයේ සුජිත් ළඟ දුවන්න එන නිමාලිටත් වඩා අසරණ දරුවො තරගවලට සහභාගි කරවන්න කොළඹ එක්ක ඒමේ වියදම් දරන්නත් නිමාලි භාර ගන්නවා.
හුඟක් දුක් විදලා තැනෙකට ආවම,ආවාට පස්සෙ ඒ පංතියට ගරහන්නෙ උංමයි.
මං වගේම යාළුවො කිහිප දෙනෙකුත් කිහිප අවස්ථාවක ඒ ගැන කතා කරලා තියෙනවා. නැති කාලෙ අසාධාරණ විදිහට තමන්ට අහිමි වෙන දේවල් දිනා දෙන්න සටන් කරපු අය ඉස්සරහම තමන් තැනෙකට ආවාම තමන්ට අයිති නැති දේත්, සාක්කුවෙ ඔබා ගෙන යන්න තරම් පහත් තැන් වලට වැටෙන මානසිකත්වයක් තියෙන මිනිස්සු අතර නිමාලි උසස් වෙන්නෙ මේ තැන්වලින්.
නිමාලි ක්‍රමයෙන් සනීප වෙනවා. සාමාන්‍ය පෙළ සමත් වෙනවා. දැන් ඇය උසස් පෙළ ලියන්නත් උත්සාහ කරනවා. ජාත්‍යන්තර තරග කාල සටහන එක්ක ඒවා පොඩ්ඩක් සසැලෙනවා.
යළි එන නිමාලි පෙරට වඩා ශක්තිමත් කියලයි මං කියන්නෙ. පුළුවන් වෙයිද කියලා අහලා කෙඳිරි ගෑමත් සනීප වෙලා. මං දිනනවා,මට පුළුවන් කියලා හැම දේකටම ඉදිරියට එන ගතියක් අලුත් නිමාලි තුළ තියෙනවා.
ඇය යළි ආවට පස්සෙ දැන් වසර දෙකක් තිස්සෙ තරගකාරි ඉසව්වලදි මිටර් 800 පැරදිලා නැහැ.ආසියානු ග්‍රොන්ප්‍රී තරගාවලියත් දිනුවා.දැන් ඇයගේ බලාපොරොත්තුව මීටර් 800 ඔලිම්පික් පරිසාධනය.
මට හොද රේස් ටිකක් එනවනම් ඔලිම්පික් මෙඩල් එකක් වුණත් බැරි වෙන එකක් නැහැ.
නිමාලි කියන්නෙ බොහොම විශ්වාසයෙන්.
ඒක විශ්වාස කරන්න හේතු…
නිමාලි මීටර් 5000 සිට ජාතික තලයේ ජයග්‍රහණ වාර්තා කළ ක්‍රීඩිකාවක්.දර ගැනීම ඉහළයි.අද මීටර් 800 අංක එක.ඒ වගේම මීටර් 400 අංක දෙක.වේගයත් සතුටුදායකයි.
හොද ස්පීඩ් ට්‍රැක්වල වගේම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩිකාවො එක්කත් රේස් එක බැලැන්ස් කර ගන්න අත්දැකිම් ඕනි.
මේ නිමාලි ගේ උවමනාව…
ඒ උවමනාව ඉටුවන්නේනම් නිමාලි තව දුරටත් දුවන්නීය.එය ලෝකයේ තැන තැන ජය සංඛේත ප්‍රදානයන්හි දි ශ්‍රී ලංකා ධජය ඉහළ යන ජයග්‍රාහී ධාවනයක් වනු සැක නැත.
නිශ්මං අයියෙ බඩගිනියි.
කලෙකට පෙර ජයග්‍රහණයෙන් අනතුරුව මා ළඟ දැවටෙමින් ඇය කියන විට රන්ජන් අයියා (රන්ජන් පරණවිතාන) කී දේ මට මතක ය.
‘මේ වගෙ අත්දැකීම් ලංකාවෙ පත්තරකාරයන්ට අඩුයි නිශ්මං.අතේ සල්ලි තියෙනවද?‍‘
මට මගේ පත්තර ජිවිතයෙ මගේ භාවිතාවන්ට ආශිර්වාද කරන්න ලැබුණු ක්‍රීඩා සංස්කාරකවරුන් දෙදෙනාම මගේ ලිවීමට මෙන්ම භාවිතාවන්ට ද උපකාර කළ අය ය. ඒ මංජුල වෙඩිවර්ධන මෙන්ම රන්ජන් පරණවිතාන ය.
පෑනෙන් පිට කරන තින්ත ටිකට වඩා දෙයක් මේ රටේ ක්‍රීඩාව වෙනුවෙන් මාධ්‍යවේදියකු අතින් සිදු විය යුතු බව මම විශ්වාස කළෙමි. ඒ කිසිවිටෙක ලැබෙන ලාභයක් නිසා නොව රටට ලැබෙන දේ ගැන සිතා සතුටුවන්නට ලැබෙන හැඟීමේ බරට පුරවැසියෙක් ලෙස මම ආදරය කරන බැවිනි.
95029_wkla-nimali-2

‘නිශ්මං අයියගෙ නම කියන්න එපා කිව්වා.‘
මාධ්‍යයක වැඩ සටහනකට සහභාගි වී පැමිණි ක්‍රීඩිකාවක් ඇස්වල කඳුළු පුරවාගෙන පැමිණ කීවාය.
ඒ ඇයි?
ඒ අයගෙ මීඩියා එක ගැන විතරක් කියන්න කිව්වා.
ඒ සමහර මාධ්‍යවල ස්වභාවය මිස මාධ්‍යකරුවාගේ ස්වභාවය නොවන බව මම ඇයට කීවෙමි.මිනිස්සු සහ මනුස්සකම් යට කර තිබෙන මාධ්‍ය අයිතිකරුවන්ගේ යාන්ත්‍රණය එලෙසය.
නිමාලිටත් ඒ වචනම ඇසෙන්නට පුළුවන.
කොච්චර වේගයෙන් දිව්වත් ඒ ක්‍රම සහ විධි පසු කරන්නට නොහැකි බව අප තේරුම් ගත යුතුය.
ප්‍රවෘත්තියක් ප්‍රචාරය කර ලියා පළ කර අත සෝදා ගන්නට අපහසුය.මෙවර ආසියාතික යොවුන් මලල ක්‍රීඩා සූරතාවලියේ ජයග්‍රාහකයන්ට සුගතදාස ධාවන පථයේ තරග සහ පුහුණුවීම් සඳහා පැමිණි විට නවාතැන් සහ ආහාර නොමිළේ ලබා දෙන්නට එහි සභාපතිවරයා එකඟ කරවා ගැනීමට හැකි වූයේ පෞද්ගලිකය ඔහුව හමු වි කරන ලද කරුණු පෙන්වා දීමකින් අනතුරුවය.එසේම මා ඉදිරිපිටම එහි රන් පදක්කම්ලාභිණිය යමානි දුලාංජලී ගේ නිවස ද එතුමාගේ මැදිහත්වීම සහ ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදෙස් මත ඉදි වෙන්නට නියමිතව ඇත.ක්‍රීඩා අමාත්‍යවරයාටම ප්‍රසිද්ධියේ කළ ඉල්ලීමකට අනුව ඔලිම්පික් පරිසාධන මට්ටමට පිවිසි ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් සමු ගන්නා විටඒ සමුගැනීම පැවත්වීමේ ඉඩකඩ සුගතදාස බිමේ නොමිලේ ලබා දෙන්නට අමාත්‍යවරයා හකග කර ගැනීමට හැකි විය.
මේ අද ගැනය. නිමාලි ගැන හෙටටත්,අදටත් වඩා හෙට වෙනුවෙන් කළ යුතු දේ බොහෝමය.ඒ සියල්ල මගේ රට ගැන ලෝකය ඉදිරියේ ආඩම්බරයෙන් කතා කරන්නට හේතු සාධක සපයනවා නිසැකය.
නිශ්මං අයියෙ මං දිනුම්!
ඇයගේ හඩ මගේ දුරකතනය ඔස්සේ ඇසෙන විට මගේ පපුව බර වී හුස්ම ගන්නට නොහැකි අයුරෙන් හිර වෙන හැටි විඳින්නට.පාලනය කර ගත නොහැකිව ඇස්විල උතුරා යන හැටි දැනෙන්ට මම ආශාවෙන් බලා සිටිමි.
ආසියානු ග්‍රොන්ප්‍රී තරගාවලියක් මෑත කාලයේ ලංකාවෙ පැවත්වෙන මොහොතක නිමාලි ජය ගනිද්දී මම සීඑස්එන් නාලිකාවේ සජීවී විකාශයේ නිවේදක කටයුතු කරමින් සිටියෙමි. මීටර් 800 ජයග්‍රාහකයා නිමාලි ය .මම වචන සිරවී අර හැඟිම ම විද ගතිමි. විශේෂඥ විස්තර විචාරකයා යෝගානන්ද විජේසුන්දර ය. අපහසුතාවය ළං වෙද්දීම මම නිමාලිගේ තාක්ෂණය පිළිබදව ප්‍රශ්නයක් යෝගා වෙත ඉදිරිපත් කළෙමි.තරගය නිමා වී තත්පර කිහිපයක් යනතුරුත් යෝගාට එය විස්තර කරන්නට කරුණු තිබිණ.
නිමාලි යළි යළිත් ඒ හැඟිම විදින්නට ඇවැසි ය. ඒ සඳහා නුඹ තව හයියෙන් දිව යා යුතුය.
කමෝන් නිමාලි! 

Monday, May 18, 2015

යුද්ධය ඉවරයිද?


යුද්ධය නිමා කර වසර හයකි.එහි ගෞරවය බෙදා ගන්නට පොර කන දේශපාලන හැතිකරයට එය නිමා වූවකි.මට එසේ නොසිතෙන්නේය.මුං හදන්නේ අපහු යුද්ධයකට රට තල්ලු කරන්නටය.උන්ට ගාණක් නැත.මෙහේ රැකවරණ මදිනම් රටකට හෝ යවා උන්ගේ දරුවන්ට උගන්නන්නට උන්ට හැකියාව ඇත.පත්තර කොළවල නිදා ගත්තු එවුන් පත්තර ගසන්නට තරම් සල්ලිකාරයෝ කරපු දේශපාලනයක රස දමා යා නොහැකි හෘදයාංගම වේදනාවක් මිස වෙන කිසිම කැක්කුමක් මේ අය තුළ තිබිය නොහැකිය.

මට මතක් වෙන්නේ යාපනයේ මැරතන් තරගයමය.එහි ජයග්‍රාහකයාට අම්මා සහ පියා දෙදෙනාම අහිමි කර තිබුණේ යුද්ධය ය.ඔහු ජයගත් පසු එය බෙදා ගන්නට මව් පියන් නොමැති කම විද ගත්තේ අත් ගෙඩි දමන තුරු දොරේඅප්පා ක්‍රීඩාංගණයේ වැටට තඩි බාමින්ය.මාතලේ සිට කොළම එද්දී හමු වූ හමුදා නිලධාරියාගේ සිඟිති දියණිය අතුරුදහන් වූ පියා වෙනුවට මා නිවසට කැදවා ගෙන යන්නට ඇයගේ මවට යෝජනා කළ හැටි මතක් වෙද්දී යුද්ධයේ සමරන්නට ආඩම්බරයක් තිබෙන බව මටනම් නොහැඟෙන්නේය.

යුද්ධය නිමා වන්නට බොහෝ කලකට පෙර සිටම ලේ පිපාසිත ආශ්වාදයක මා පැටලී නොසිටියෙමි.මා එහි උරුමය ඊට පෙර සිටම ලීවෙමි.මේ ඊට එක් උදාහරණයක්ය.
ගැහැණියගේ උරුමය
තැන්පත්ව
අල්මාරි කොණ
විහිදන
කාවුන්ට
කපුරු තේජස
කාකි නිල ඇඳුම
ඇඟට ඇලුණ
රෙද්දක් වගේ
තෙතබරිත
නොවෙලෙන මතකය
තෙමයි ඇස් දෙක

එබී
තොටිලි වැට උඩින්
හෙමිහිට
සිප ගතිමි
ළපටි මල් කැකුළ
කවුරුත් කියන්නා සේ
තාත්තාගේ
කපාපු පළුව

හිතිනි
පෙරළ දමයි
තත්පරයට
අවුරුදු ගණන්
පෙනෙයි
හිස නවා දොරකඩින්
එබෙන
ඔහු රුව

සැනින්
ඒ වතට මුහුවෙයි
පදක්කම් නිල ලාංඡන
පැලැන්දූ කාකි ඇඟ

කර දඬු වඩුණු
මගේ ඉහ උඩ පේන
වත නැමෙයි හෙමිහිට
මගේ පා ළග
වඳියි යැද අවසර
යන්න යුද්ධයට
අසයි
කොයි දෙමළාද
නැසුවෙ මා පිය පණ

අල්පෙනිත්තක් වගේ
කෙළින් සිටවූ
පොඩි පවන් රැළටත්
පෙරළෙන
ගැහැණුන්ගෙ ජීවිත
විදින්නේ කොහොමද
තනිකම
වෙඩි උණ්ඩ වගේ සැර
වැන්දඹුකම
පා ඇඟලිවලින්වත්
ඇවිදින්න
බැරි තරමට
බොම්බ අතුරාපු
යුද බිමෙකි
සලෙල හිත්
හැම තැනෙම

දෙමළු නොව
යුද්ධයයි
නිමා විය යුත්තෙ
ම‘පුතුනි
නවතින්න


නිමා වූ බව කියන යුද්ධයට බොහෝ පෙර රාවයට මා ලියූ එම කවියෙන් කියූ ලෙස මට නම් යුද වීරයෝ නැත.යුද්ධය බිහි කළ දේශපාලනික සහ ජාතිවාදි නරුමයෝ ඇත.ඒ නිසා ඇති වූ යුද්ධය විසින් ඉතිරි කළ වැන්දඹුවෝ,මව් පියන් නැති දරුවෝ මෙන්ම ගණිකාවෝ ද වෙනත් ව්‍යාධින්ද බොහෝය.ඉතිරි වී ඇත්තේ ඒ දේවල් මිස වීරයෝ නොවන්නේ අප වීරයන් කියා ගන්නා බොහෝ අයගේ දායකත්වයන් අඩු වැඩි වශයෙන් මේ ව්‍යාධින් නිර්මාණයෙහිලා බල පා තිබෙන බැවිණි.

කෙනෙකුට නිදහසේ ජීවත් වීමට ඇති අයිතිය තහවුරු කිරීම යනු ඔහුගේ ආගමික සහ ජාතිය විසින් උරුම කර දෙන දේ වෙනුවෙන් පෙනී සිටින්නට ඇති අයිතිය තහවුරු කිරීමය.ඒ අයිතිය ජාතියක්අනුව ආගමක් අනුව වෙනස් විය යුතු බව සිත්න්නෝ පළමුවෙන්ම අවමන් කරන්නේ ඔවුන් පෙනී සිටින ජාතියටය.ඔවුන් පෙනී සිටින ආගමටය.

තවෙකෙක් වහලෙක් හෝ තමන්ගේ යටත් වැසියෙක් ලෙස සිතා කටයුතු කරන අය මනුෂ්‍යයන් නොවන බව මඟේ හැඟීමය.නායකයා යනු පාලනය කරන්නා නොව.ඔහු ආදරය කරන්නෙක් විය යුතුය.සමඟි කරන්නෙක් විය යුතුය.බේද කරන්නා මටනම් කාලකණ්නියෙකි.ගැටුම් ඇති කරන්නා තිරිසනෙකි.

ඒල්ටීටීය වේවා ජනතා විමුක්ති පෙරමුණ වේවා මේ පවතින ක්‍රමවේදය ත්‍රස්තවාදී ව්‍යාපාර ලෙස හංවඩු ගසා විනාශ කරන්නට උත්සාහ කළ බව අපි දනිමු.ඒ ක්‍රමවේදයේ නෛතික සහ සමාජ සම්මත රාමූන් බිද දැමූ නිසාවෙන්ය.ඒවාට නිවැරදි බව කියන පිරිසක් ඒවා ත්‍රස්තවාදය යැයි කියා ගන්නා පිරිසක් තමුන් ප්‍රජාතන්ත්‍රවාදි යැයි කියා ගනිමින් ඒ රාමුම බිද දමමින් උත්සාහ කරන්නේ එල්ටීටීඊ හෝ ජවිපෙ තරම් ඉහළ නොගිය දේශපාලන අරමුණකින් බැහැරව පුද්ගල කේන්ද්‍රීය උවමනාවක් වෙනුවෙන් මේ රටේ ජීවිත කිහිපයක් බිලි දෙන්නටය.ඒ මිනී මතින් කතිර ඉල්ලා ගෙන කුක්කාත් මැක්කො ටිකත් රජ වෙන්නටය.අපුල එයමය.

නීතියට ගරුකරන්නා සහ බියවන්නා පැහැදිලිව හදුනා ගත හැකිය.බියවන්නා වැරදිකරුය.බලය අහිමි වේය යන්න නොසිතා වැරදි කළ වුන් නීතියට බිය ය.එහෙත් බලය නොව හෘද සාක්ෂියට අනුව කළ යුතු දේ මෙය යැයි සිතා යමක් කළ අය එය වරදක් යැයි කීව ද,තමන්ගේ හෘද සාක්ෂිය සමඟ ඒ වෙනුවෙන් පෙනී සිටින්නේය.ඇත්ත එබඳුය.

යුද්ධය වීරයෝ නිර්මාණය නොකරන බව යළි යළිත් මම කියමි.එසේ නිර්මාණය වන විරයන් පසෙකට වීරයන්ය.පසෙකට දුෂ්ඨයන්ය.පාටක්,ජාතියක්,ආගමක් නැතිව ලෝකයටම මඟ කියන දේ කරන්නෝ පමණක් වීරයෝ වෙති.මාක්ස්,ලෙනින් වීරයෝ වුව ඔවුන්ව ප්‍රදර්ශනය කරමින් ඒ යට සිට මොරතලන උන් වීරයෝ නොවන්නේ එබැවින්ය.වසර තිහක යුද්ධය විසින් ඉතිරි කළ වීරයන් බොහෝ පිරිසක් සොහොන් කොත්ය.ස්මාරකය.ඊට අමතරව වැඩිපුරම ඇත්තේ දොම්නසය.දුක් සුසුම්ය.ඔබ ඒවාට කැමති නම් අනෙක් ජාතියේ ආගමේ අයිතියේ තමන්ගේ සැරයටිය වැද්දුවාට කම් නැත.මට මගේ දරුවන්ට හෝ උන්ගේ දරුවන්ට අත් වන ඉරණම යුද්ධයේ ස්මරණ වීමේ වේදනාව කිරීමට මම අකමැති වෙමි.මට ජාතිය,ආගම අදාළ වන්නේ දේශයට පසුවයි.ඉතිං ඒ දේශයේ මොන ආගම මොන ජාතිය පිණුම් ගසන්නේද යන්න නොව සියල්ල එකාවන්ව සහජීවනයෙන් ජීවත් වන්නේ නම් සහ එකිනෙකාට ගරු කරන්නේනම් මට වැදගත් එපමණකි

Monday, May 4, 2015

පදුම කුමරිගෙ පුදුම ලව් එක

DSCN7016 (2)චුල්ලපදුම කුමාරයාගේ කතාව මතක ඇති කාලේ සිට අසා ඇති වාර ගණන මගේ වයසට වැඩිය.දැනුත් දන්සල් දොරකින් උදේ සිට එම කතාවම කවියෙන් ගැයෙන්නේය.එහෙත් දන්න බොහෝ කාලයක සිට මට දුක සිතෙන්නේ කුමාරයා ගැන නොවේය.කුමරිය ගැනය.ඇය ගැන ගෞරවයක් ඇති වන්නේය.

රජුන්ට අන්තඃපුර පිටින් තිබෙන බව හැබෑය.ඒත් රජ්ජුරුවන් ඒ ඉන්න ස්ත්‍රීන්ට දැනෙන්න නිදියනවාදැයි යන්න කිසිවෙකුත් දන්නේ නැත.මේ ගැන කතා බහට ලක්වන ජාතකයක් වේ නම් කවුරු හෝ කමෙන්ටුවක ලියා තබනවානම් මරුය.

දන්න තරමින් රජ්ජුරුවන්ගේ රැකියාවේ ලොකු කමට බලයට ගැහැණුන් ගන්න ලැබෙනවා මිස සහ ඔහුට ඇති ආර්ථික වපසරියේ වර්ගපලය අනුව ගැහැණුන්ව භෞතිකව නඩත්තු කරන්නට ඇති හැකියාව සළකා ගැහැණුන් ලැබෙනවා හැරෙන්නට ඔහුට ඇයව කාම ක්‍රියාවලියේදී සංතර්පණය කර හැකිද යන්න නොසැළකේ.මේ නිසා රජු වූ පමණින් ලැබෙන වරප්‍රසාදය හැරෙන්නට හැඟිම්වල සමානත්මතාවය එකිනෙකාගේ රුචිකත්වය වැනි කරුණු පිළිබදව සැළකිල්ලක් නොදක්වන අතර රජ යන සංකල්පයට අනුව කුමරිය බිසව යන්නද එක්තරා අන්දමක යටත් චරිතයක් පමණි.

සිය සහෝදරවරුන්ගේ බිරින්ඳෑවරුන්ගේ බිරිද ඝාතනය කර පිස කෑමේ ක්‍රියාවලියේ ගොදුරක් වන්නට නොදී සිය බිරියගේ ජීවිතය බේරා ගැනීම පදුම කුමරුගේ උතුම් ක්‍රියාවකි.උරය පලා ලේ දීම දෙවැන්නයි.මේ ආකාරයට රැක බලා ගන්නා බිරිඳ සහ ජීවිතය බේරා ගත් දෙපා නැති කොට අතර සබදතාවයක් ඇති වීම හරහා කරන්නේ කුමරුට මේ දෙදෙනා ද්‍රෝහීවීමේ කතාවය.ඒ අනුව සෝයි පදුම සහ වේස කුමරිය සහ ගුණමකු කොටා ගැන කතාවය.

මේ කතාව පිටුපස ඇය අධික කාමාශා ඇත්තියක ලෙස හදුනා ගන්නට නොහැකිය.තවත් ආකාරයකින් ජාතක කතා කතුවරයාගේ බුද්ධාගමට අනුව ගෙන ‘ගැහැණු කවුරුද වරදෙ නොබැදෙන‘ ගණයට මේ කාන්තාව ඇතුළත් කිරීමට ද නොහැකිය.මන්ද කුමාරයා හෙළෙන් පහළට තල්ලු කිරීමෙන් ඉනික්බිතිව ඔහු දිවි ගලවා ගෙන අසළ ගමක ජීවත් වී පැමිණ රජකම ලබා ගෙන දන්සැල් ඉදිකිරීම දක්වා කාලය මාස කිහිපයක් සති කිහිපයක් ලෙස ගත නොහැකිය.

ඒ ආකාරයට ගත් කළ ඇය රජසැප විදිමට හැකි වටපිටාවක සිට එයට පයින් ගසා බැදෙන කොටාගේ ජීවිතයට ද්‍රෝහී වී නැත.හිඟමන් යදිමින් කොටා සමඟම ජීවත් වන්නීය.එයින් ඇය පදුම රජුට ලබා දිය නොහැකි තෘප්තියක් කොටාගෙන් ලබන නිසා විය යුතුය.ඇය හුදෙක් දුටු දුටු පිරිමියාගෙන් කාමය සංතර්පණය කර ගන්නා ගැහැණියක් නම් මේ ගතවන කාලය තුළ ඇය තවත් පිරිමින් ගණනාවක් අතට මාරු වී තිබිය යුතුය.

රජ කෙනෙකුට ලබා දිය නොහැකි අන්දමෙන් ඇය යහනේ තෘප්තිමත් කරන්නට මේ සොර කොටා ට තිබෙන හැකියාව මෙයින් පැහැදිළි වන්නේය.සියල්ල දන් වලින් පිං වලින් මැනිය නොහැකි බව රජුටද නොතේරෙනවා විය යුතුය.එසේත් නැති නම් කොටාට තමුන්ට නැති හැකියාවක් එම ස්ත්‍රිය වසඟයට ගැනීමට තිබූ බව දන්නා රජු ඒ ගැන කම්පාවට මෙන්ම කෝපයටද පත් විය යුතුය.එය මිනිස් ස්වබාවය ය.එම මිනිස් ස්වභාවය නිසා ඇති වන මානසිකත්වය නිසා මහා දන් දෙන රජු කුස ගින්නේ කොටාත් හිස මත තියා ඇවිදින ගැහැණිය සහ කොටා එ‘නුවරින් එළවා දමන්නේය.

ඒ එළවා දමමින් දෙන තීරණය රජෙකුගේ ධාර්මික බව කියා පෑමට උදාහරණයක්ය.ඒ ජාතක කතා කතුවරයාටය.තමන් රජෙක් වි,ජීවිතය බේරා ගැනීමට මැදිහත් වී,සැප සම්පත් ලබා දුන් ස්ත්‍රියට තමාට වඩා මේ කොටා වැදගත් වූයේ ඇයි?තමාට කළ හැකි කිසිවක් කළ නොහැකි ඔහුව තමා මෙන් අතැර දමා නොයා ඔහු මත්තේම මේ ස්ත්‍රිය එල්ලී සිටින්නේ ඇයි?

රජු මේ කිසිවක් කල්පනා නොකරන්නේය.ජාතක කතා කතුවරයාට ද මේ ඇතුළත තිබෙන කොටාගේ ලිංගික කාර්යයේ හැකියාව කුමාරයාගේ සියලු කැපකිරීම් දෙවැනි කොට තකන්නට කුමරියට සිත් ඇති කරන බව කතුවරයාගේ විග්‍රහයට හසු නොවන්නේය.විවාහයකදි අත්‍යවශ්‍ය සාධකයක් වන ලිංගිකත්වය රජු විසින් නොතකා හැරිම නිසා හෝ ඔහුට ඒ ආශ්‍රයෙන් ඇති නොහැකියාව හෝ කතුවරයා සිය විග්‍රහයේදි ප්‍රකාශ නොකිරීමට වග බලා ගැනීමෙන් පැහැදිළි කරන්නේ ඔහු තුළ තිබූ කාන්තා විරෝධය සහ රාජ්‍ය පක්ෂපාතීත්වයම පමණක්ය.

ඇය සිය විවාහය නැතිනිම් පවුල් කෑම ගැන ආර්ථික වටිනාකම් වලින් නොමනින ගැහැණියකි.ආදරය,කාමාශාවන් සංතර්පනය කරන්නට තමන්ගේ සහකරුට ඇති හැකියාවන් නිසා අධික ආදරයක් ඇති කර ගන්නා සහ නොයෙකුත් වේදනාකාරි අත්දැකීම් පීඩාවන් දෙවැනි කොට ආදරයෙන් ජීවත්වීම සඳහා සියල්ල කැප කරන්නේය.කොටාගේ ජීවිතය රැකීමට ඔහුව කරමත ඇවිදීම සිය ජීවිතය කර ගන්නට තරම් ඇය කැපකිරීම් කළ හැකි ගැහැණියකි.ඒ රජසැප පිලිබද සිහින දැකීම අත හැර වීමෙන් ඇය දක්වන කැප කිරීම තව දුරටත් අවබෝධ කර ගත හැකිය.

නමුත් වසර දෙදහස් ගණනක් ලොව කොතැන හෝ පොහොය දිනයක කවුරුන් හෝ බුදු පුතෙක් හෝ බෞද්ධයන් එක්ව පදුම කුමරිය වේසාවක් කොට හං වඩු ගසන්නේය.තමුන්ට වඩා ගැහැණිය පිනවීමේ දක්ෂතාවයක් කොටා ට තිබෙන බව සිතා ඔවුන්ට සමාව දෙනු වෙනුවට කොටා සහ කුමරිය නොමරා බඩ ගින්නේ මැරුණත් කම් නැතැයි සළකා බරනැසින් එලවා දමන පදුම රජු මහා කාරුණික පුද්ගලයෙක් කර බුදු බව ලැබිමට පෙරුම්පුරන බෝධිසත්වයෙක් කරන්නේය.

කාන්තාවට ගැරහිම,කාන්තාවකගේ හැඟීම් නොතැකීම මෙන්ම ශක්තිමත් පවුල් පසුබිමකට බැදීමකට ඇති ලිංගිකත්වයේ හැකියාව නොතකා හරින සහ දෙවැනි කොට සළකන ජාතක කතා සංග්‍රහය හැම පොහොයකටම අපටම කරන සරදමක් ලෙස පදුම කුමාරයාගේ මේ කතාව ගැන මට හැඟෙන හැඟීම් තව කෙනෙක්ට නොදැනෙනවා විය හැකිය.

එහෙත් මට නම් පදුම කුමරා කරන කැපවීම් තරමටම තම ජීවිතය දෙැවැනි කොට තමන්ට නිවැරදිව ගැලපෙන සහකරු තෝරා ගැනීමේ සිට ඔහුව රැක ගැනිම දක්වා පරාසය තුළ ගැහැණිය කරන කැපවීමද මාර ය.සියල්ල භෞතික සංතර්පණයන්ගෙන් තෘප්තිමත් වන බව සිතන පදුම රජු මහා කරුණාවන්ත දානපතියෙක් නොවන්නේ මේ ගැහැණියගේ සහ කොටාගේ ලෞකික බැදීම්වල ඇති අධ්‍යාත්මික වටිනාකම් හඳුනා ගන්නට තරම් නොහැකි පුද්ගලයෙක් බැවින්ය.

  

Saturday, May 2, 2015

සැනසිලි සැරසිලි

වෙසක් දවසේ වෙබ් එකේ අජිත්ගෙ පිංතූරයට ලියන කවිය බ්ලොග් එකේ අලවලා යන්න හිතුණා.
වෙබ් එකේ ලින්ක් එක http://thecolombopost.net/?p=110280

බලන්න කියවලා.මේව ඉතිං වෙසක්ම නෙමෙයි.වෙසක් වලට අවුරුදු වලට කියලා අපි කූඩු වගේ අලව ගන්න දේවල් නෙ තියෙන්නෙ.නැත්නම් ජීවිතය හැමදාම එකයි.

kavi

අලවා ගත් හීන රැලි
තනා ගන්නට අපේ කූඩුව
නොවැරදී යා යුතුය අකුරට
පමා කළ නොහැක 
රිදවන්න අකමැතිය ගුරු සිත

දවසෙන් දවස උස යන
අකුරක් නෙලා ගන්නට
ඉණිමං ඕනෑය රුපියල්
වතු පිටි නැති කලට
අර ගෙන ආපු පරපුර
මහමඟ ගෙනත් අතුරන
සවිය පමණයි අපේ උරුමය

කූඩුවක් කියන්නෙ හැඩ ඇති 
කොළ ගොඩක් පමණ නොව
මිල වලින් නොකිය හැකි
වටිනාකමකි දින පතා වැඩි වන
නවතින්න මොහොතක්
රැගෙන යන්නට කූඩුවක්
මිනිස් කූඩුවක සැඟවුණ 
අඳුර දුරු කරනු විලසට

ඡායා – අජිත් සෙනවිරත්න
පද -නිශ්මං රණසිංහ

Tuesday, April 21, 2015

පිය හැඟුම් සහ දරු පෙම

ඒ තාත්තලා සහ මේ තාත්තලා - ආඩම්බරයෙන් පරාධීනත්වයට

මම මගේ පුතු ගැන ලියමි.කෙදිනකවත් උෟ ඒ දේ කියවන්නට තරම් අකුරු සාස්තරය ඉගෙනගනු ඇතැයි සිහිනයකවත් හැඟිමක් ඇතිව නොවේය.ඒ ඔහු විශේෂ දරුවෙක් බැවින්ය.ඔහුට කළ හැකි හොදම ඉගැන්වීම හොඳින් මිනිසුන් ඇසුරු කරන්නේ කෙසේද යන්නය.

එසේම මට මගේ ජීවිතයේ දූ පුතුන් රැසක් හමුවී ඇත.ඒ අයට තිබෙන අඩු පාඩුව මානසික අර්බූදයක් නොවේය.ඔවුන්ට අඩු වී තිබුණේ මව්වරුය.පියවරුය.ඒ අතර රූපකායෙන් පමණක් සිටින මව්වරු සහ පියවරුද වෙති.එහෙත් යුද්ධය,දේශපාලනය සහ සමාජයේ වෙනත් දූෂණ නිසා මව්පිය සෙනෙහස අහිමි වූ දරුවෝ අපට නිරන්තරයෙන්ම මුණ ගැසෙති.

වරක් මා මාතලේ සිට කොළඹ බලා එමින් සිටියේය.මාතලේ පැවති ප්‍රාදේශිය බැංකු ක්‍රීඩා උළෙලක මාධය සම්බන්ධිකරණය අතරතුර සිරිමාවෝ බණ්ඩාරනායක ශාලාවේ පැවති මව්බිම පුවත්පත එළි දැක්වීමේ උත්සවයේ ප්‍රසංග කළමණාකාරිත්වය පැවරි තිබුණේ මටය. ඒ සඳහා පැමිණෙන මට මාතලේ සිට කොළඹ පැමිණෙන අතුරුදහන් ලැයිස්තුවට ඇතුළත්ව සිටින සෙබළකුගේ බිරිදක් සහ දියණියක් හමු වන්නේය.මගේ අසුනේ පැමිණෙන මේ දෙදෙනාගෙන් දියණිය ඉතා ඉක්මණින් කුළුපඟ වූවාය.ඇය එක වසරේ ය.

බොහෝ දේවල් මා සමග පවසමින්,ගීත ගයමින් හුරතල් වෙමින් පැමිණි ඇය මගෙ යාළුන්ගෙ තාත්තලත් ශයා වගෙලු යැයි වරෙක කීවේය.

එතකොට ඔයාගෙ තාත්තා?

.............

පියාගේ ඉරණම පිළිබද කතාව මතු වන්නේ එතැනින් ය.

අම්මෙ අපි මේ අන්කල්ව අපේ ගෙදර නවත්තගමුකො.

කොටුවෙන් බැස වෙන් වී යන්නට ආසන්නයේ මගේ අතින් මිදෙන්නට ඇති ලෝභකමෙන් ඇය පවසන්නීය.

ඒ මොකටද පුතේ?

මව දියණියගෙන් විමසූ පැනයට ඇය දුන් පිළිතුරත් සමඟ ඇයට අත වනා විසිර ගියද ඒ මවත් මමත් වචනයකුදු කතා නොකර වෙන් වූහ.

තාත්තට.අපි තුන් දෙනාට හයියෙන් බදා ගෙන දොයියන්න පුළුවන් එතකොට

ඒ තාත්තා යළි ආවාදැයි මම නොදනිමි.එහෙත් කිහිප වතාවක්ම ඒ දිනවල මගේ ඇස් ඒ මතකයෙන් තෙත් විණි.

ප්‍රසිද්ධ පාතාල නායකයෙකුගේ දියණියක් සහ මගේ පුතා එකම ළදරු පාසලේ ඉගෙන ගනිමින් සිටියේය.ඒ දියණිය ළදරු පාසලට පැමිණි මුල් කාලයේම ඔහු ඝාතනය වන්නේය.ඒ අතරතුර ළදුරු පාසලේ ප්‍රධාන ආචාර්යතුමියගේ නිවසේද මරණයක් සිදුවන අතර එයට සහභාගි වන්නට ගොස් ආපසු එන විට අර දියණියද මව ද පැමිණෙන්නේ අප සමඟය.පුතා එයට රැගෙන නොගිය නිසා සාමාන්‍යෙයන් අද දුවගේ පංතියේද සිදුවන පරිදි පැටව් ටික (පස් හය දෙනෙක්) කෝච්චියේ මා සමඟ අසුන්ගෙන විවිධ කතා කියමින් රඟමින් එන්නට විය.මා ද ඔවුන්ට හවුල් විණි.රඟ පා පෙන්වමින් ද කතා කියමින්ද මා ඔවුන්ව විනෝදවත් කරමින් පැමිණෙන අතරේ මට වඩාත්ම සමීපව සිටින්නේ අර දියණිය ය.

මාමේ ඔයා ජාරක එක්කත් මෙහෙම සෙල්ලම් කරනවද?

ඔව් පැටියො. ඇයි?

අය පිළිතුරු දෙනු වෙනුවට මා ව බදාගෙන නිහඩව සිටියි.ඇයගේ පියාගෙ සිදු වීම මතක් වී මා මුවද ගොළු වී ඇත.පොඩි එවුන් කෑ ගසයි.මා දුම්රියෙන් ඉවත බලා ගෙන ඇසට නැගෙන කදුළු පිසලන්නට වෙර ගතිමි.මගේ උරහිසට හේත්තු වි සිටින අර පුංචි දියණිය මගේ කණට ඇසෙන සේ මෙසේ කොදුරන්නේය.

ඔයා හරි ෂෙෘ්ක්... අපිට ඉතිං තාත්ත නැහැනෙ.

මෙවැනි තාත්තල නැති විශාල පිරිසක් ක්‍රීඩා කේෂ්ත්‍රයේද මට හමු වී ඇත.මගේ උපකාරද ඇතිව අද ද ඉදිරියෙන්ම සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ද ඒ අතර වෙති.එහෙත් යුද්ධය නිමා වී යාපනයේ පැවති නෙස්ටමෝල්ට් මැරතන් තරගය නිමාවේ එය ජයග්‍රහණය කළ පුතු ගේ කතාව මෙහිදී වැදගත්ය.

ඔහු තරගය නිමා වී දොරේඅප්පා ක්‍රීඩාංගණයේ යකඩ වැටට අත් රිදෙනතුරු වැරෙන් පහර දුන්නේය.

එයාගෙ අම්මයි තාත්තයි දෙන්නම නැහැ.

ඒ යුද්ධයේ ආදීනවය.ඔහු පහර දෙන්නේ මේ ජයග්‍රහණය විද ගන්නට ඔවුන් නැතිවීමේ වේදනාවෙන්ය.

මේ සටහන ඉහළ ඡායාරූපයේ වාඩි වී සිටින පුතු නියෝජනය කරන්නේ මේ සියලුම දරුවන්ට පියවරු මව්වරු අහිමි කරන්නට යෙදුණ දේශපාලන සමාජ පසුබිම පාලනය කළ පියෙක්ගේ දරු සෙනෙහසේ තරමය.ලක්ෂ තුනක් වැනි සුළු මාසික වැටුපකට ශ්‍රී ලංකා ගුවන් සේවිකාවක් සේවයට ගන්නට තමන්ට වරප්‍රසාද ඇති කළ පියෙකුගේ සෙනෙහසය.ඔහුට පියා අහිමි වී නැත.ගැටළුව අල්ලස් කොමිසමට පියා කැදවීමය.

ඒ පියා ද වගකිව යුතු මෙරට සමාජ දේශපාලන ව්‍යහුය තුළ ඒ ක්‍රමයේ හිදැස්වලින් වැටුණු යුද්ධයට,භීෂණයට,සමාජ විරෝධි ක්‍රියාවන්ට මෙන්ම සමාජය වෙනස් කරන්නට සිය අභිමතය අනුව ගත් උත්සාහයන් වලදී ද,පීතෘත්වය අහිමි වූ දූ පුතුන්ට වඩා මේ පුතු අසරණ වන්නේ කොතැනද?

ඊයේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අපූරු කතාවක් කීවේය.

මට දරුවො නැහැ.හැබැයි දරුවො මරා දාන කුඩු ගේන්න මම දායක වෙලා නැහැ.

රනිල්ගෙන් මෙතැනට වටින්නේ ඒ වචනවල බරය.එය රනිල්වාදියෙක් කර,මා දඩුකදේ ගසන්නට නොයා මෙය කියවීම වැදගත්ය.දරුවෙක් වෙනුවෙන් දෙන ශුක්‍රාණු දායකත්වය පියෙක්වීමට ප්‍රමාණවත්ය.එහෙත් පිය හැඟුම් සඳහා එය ප්‍රමාණවත් නොවේය.තමන්ගේ දරුවාගේ සුඛ විහරණය වෙනුවෙන් වැය කරන පීතෘත්වය සහ සමාජය දෙස පියෙක් ලෙස බලන්නට ඇති හැකියාව අතර සෑහෙන දුරස්කමක් ඇත.මෙවැනි ඡායාරූප පළ කළ හැකි හිස් තැන නිර්මාණය වන්නේ ඒ දුරස්කම නිසාය.ඒ නිසා දරුවෝ ගරු කළ යුතු පීතෘත්වය ලෙස ආත්මාර්ථකාමී කැපවිම් හදුනා ගන්නා අතර පියවරු දරුවන් වෙනුවෙන් ආත්මාර්ථකාමි කැපකිරිම් කරති.පිය සෙනෙහස සහ දරු සෙනෙහස වඩාත් අප සමාජය තුළ සක්‍රීයව පවතින්නේ මේ වපසරිය තුළ ය.

එය රටේ මේ සමාජ ක්‍රමය වෙනස් කරන තැනද එලෙසම පවතින්නේය.මේ ඡායාරූපය කියන ඒ දුර්භාග්‍යය අවසන් වෙන තෙක් මේ සමාජයේ දරුවන් පිතෘත්වයේ උණුසුම නොමැතිව දුක් සුසුම්ලනු ඇත.


Monday, April 20, 2015

අයි.සී.සී සහ අයි ආර් සී

mad

අයි.සී.සී සහ අයි ආර් සී යන වචන දෙක සමාන වෙමින් පවතින්නේදැයි සැක සහිත ය. එය වෙනම විසදා ගත යුතු කාරණයකි. නමුත් ‘අයිසීසී එකට ඕනි විදහට වැඩ කරන්නෙ නැහැ‘වැනි අදහස් මතු වන මුරණ්ඩු ප්‍රකාශවලින් ගම්‍ය වන්නේ අයි.ආර්.සී. කාරයන්ට මුහුණ දිය යුතු අවබෝධය සහ පෞරුෂය එපමණට නොවැඩි ළදරු මානසිකත්වයකි.
උසස් පෙළ සහ බාලාංශ ළමයින් අතර ගැටුමක් සේ පෙනෙන්නට තිබෙන මේ අර්බූදය මුලට ගිය විට හමු වන්නේ ජාත්‍යන්තර ක්‍රීඩා දේශපාලනයේ ස්වභාවය ය. දැලි පිහිය භාවිතයේ ආදීනව කවරේද යන්න තීරණය වන්නේ එය භාවිතා කරන්නා අනුව ය. මේ නීති රීතිවල ක්‍රියාකාරීත්වයේ සොබාව ද එබඳු නැත. නමුත් පත්වන පුද්ගලයාට සම්ප්‍රදාය ක්‍රියාත්මක විය හැකි ඉඩ වසා ස්වීය පෞද්ගලික පෞරුෂය භාවිතාවේ යොදා හැසිරිය හැකි ය.
එවැන්නකුට බලය ලැබීම හෝ බලය භාවිතාවේ ඉඩක් ලැබීම යනු ලෝකයක් අනාථ කළ හැකි වැඩකි. ක්‍රිකට් ලෝකය ද අනාථ වූයේ එවැනි පුද්ගල භාවිතාවන් ගේ සහ දායකත්වයන් ගේ මැදිහත්වීම හරහා ය.
ඉකුත් කාලයේ ශ්‍රී ලංකාව ඉන්දියාවේ ක්‍රිකට් ශාඛා සමිතියක් වීමට තරම් පිරිහුණු අතර අමාත්‍ය අර්ජුන රණතුංග ම මේ පිළිබදව විවිධ අවස්ථාවන් හී මාධ්‍යයට කරුණු දක්වනු දකින්නට ලැබිණ. එහි තත්ත්වය වඩාත් දරුණු අතට හැරෙන්නට ගත්තේ ශ්‍රී නිවාසන් අයිසීසී යේ අදෘශ්‍යමාන පාලකයා වීමත් සමඟ ය.
ඉන්දියාව අප පූර්වාදර්ශයට ගත යුතු රටක් ලෙස හැදින් වූයේ ඔවුන් තුළ තිබෙන බලය අත හැර යාමේ හැකියාවට සාපෙක්ෂව ය. බොහෝ විට වරදක් වූ විට එහි විපාකය පහළට නොඑවා අමාත්‍ය ධූරවලින් පවා අස් වෙමින් ඔවුන් දෙන ආදර්ශය ගැන එවැනි සමාජ දේශපාලන වට පිටාවක් නැති ශ්‍රී ලංකාව ආදර්ශයට ගත යුතු බව අපි නිතර සාකච්ඡා කළෙමු. නමුත් ශ්‍රී නිවාසන් ශ්‍රී ලංකාව ආදර්ශයට ගත්තේ ය. අයිපීඑල් හරහා දැවැන්ත චෝදනා එල්ල වෙද්දි ඒ සියල්ල දරා ගෙන ඔහු තම ක්‍රියාවන් එලෙසින්ම පවත්වා ගෙන යන්නට තරම් නිර්ලජ්ජිත විය. අයිසිසි ය ද ඔට්ටු ඇල්ලීම වැනි චෝදනා අභිමුව වුව ඔහුට පරීක්ෂණවල විනිවිදභාවය සුරකින්නට හෝ එම පරික්ෂණ නිමවන තුරු හෝ තනතුරුවලින් තාවකාලිකව ඉවත් වන්නට යැයි කියා හෝ නොකීවේ ය.
මේ තත්ත්වයට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ගොදුරු වීම පිළිබඳ ආසන්නම සිදුවීම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සංචාරය අතරමඟ නැවතීමෙන් ඇති වූ හිදැස පුරවන්නට කිසිඳු සූදානමකින් තොරව සිටි ශ්‍රී ලංකා කණ්ඩායම එරටට යැවීම ය. ක්‍රීඩකයන් පවා ප්‍රසිද්ධියේ අප්‍රසාදය පළ කළ මෙම අවස්ථාව නිසා අපේ ක්‍රිකට් කණ්ඩායමට වාර්තා කිහිපයක් ම හිමි විය. පරාජය ඉක්මවා ගිය එම වාර්තා අතර රෝහිත් ෂර්මාට වැඩිම එක්දින ලකුණු ප්‍රමාණයේ ලෝක වාර්තාව හිමි කර දෙමින් විශාල ලකුණු ගණන්වලින් පරාජය විඳ ගැනීමේ අවස්ථාව ද අපට හිමි විය.
ක්‍රීඩා සමාජ මට්ටමෙන් ක්‍රිකට් ආයතනය සමඟ ඇති වූ අර්බූද ද ඇති තරමට තිබිණ. තීරණ ගැනීම සම්බන්ධයෙන් නිශාන්ත රණතුංග ක්‍රියා කළ ආකාරය මෙන්ම පරිපාලනයේ තිබි අභ්‍යන්තර අර්බූද හේතුවෙන් සභාපතිවරයාට සහ ලේකම්වරයාට තමන්ට අදාළ සීමා කවරේද යන්න කියා දීමට තරම් අමාත්‍යවරයාට මැදිහත් වන්නට සිදු වූ අවස්ථා ද මේ අතර තිබිණ.
ශ්‍රී ලංකාවෙ පැවති ලෝක කුසලානයෙන් පසුව මූල්‍යමය වශයෙන් අස්ථාවර වූ ක්‍රිකට් ආයතනය ඇතැම් කාලයන් පසු කළේ සේවක පඩිනඩි හෝ ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක ය. රූපවාහිනි විකාශන අයිතිය සම්බන්ධයෙන් ඇති වූ අර්බූදයන්හී දී චෝදනාව එල්ල වූ ආයතනයේ ප්‍රධානියකු ලෙස සාක්ෂි දීමට ක්‍රිකට් ආයතන ලේකම්වරයා කැදවීම හරහා සහ ඒ සම්බන්ධයෙන් ඔහු දී ඇති කට උත්තරය ද පැහැදිලි කරන්නේ ඔහු එහි නියෝජිතයකු බව නම් වෙනත් සාක්ෂි අවශ්‍ය නැත.
මෙවැනි කරුණු ගණනාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන පරිපාලනයක් සමඟ විශ්වසනීයත්වයෙන් කටයුතු කිරීම පහසු නැත. රටේ ක්‍රීඩාවක් ඒ ආකාරයට අයාලේ යන්නේ නම් එය නිවැරදි කිරීම සහ ඒ ගැන පරික්ෂා කිරීමට රටේ නීතියෙන් ඇති අවසරය නොවැළක්විය හැකි ය.
අප පිළිගත යුතු දෙයක් වන්නේ, ක්‍රීඩාවක ව්‍යුහමය සැලැස්මට අනුව අප එම ක්‍රීඩාවේ ජාත්‍යන්තර මුලස්ථානයට වගකිව යුතු ය. ක්‍රීඩාව ක්‍රියාත්මක වන ජාත්‍යන්තර ප්‍රමිතියකට එහි හැසිරීම අවිශ්වසනීය වුවත් අප එයට සටන් කිරීමට සූදානම් විය යුත්තේ හිස් අතින් නොවේ.
ක්‍රීඩා අමාත්‍යවරයා වරද්දා ගන්නේ මෙතැනදී ය. ලංකාවට පමණක් නොව ඉන්දියාව අයිසීසී ය තුළ ද විශාල පරාසයක බලය හිමි කර ගෙන සිටින බව අප අමතක නොකළ යුතු ය. ඒ ඉන්දීය ආශ්චර්යයේ ආලෝකයෙන් ආලෝකය ලැබීම පමණක් නොව ඒ ආලෝකය දල්වන්නට ඉන්ධන ඇදීමට ද ශ්‍රී ලාංකේය පරිපාලනය කටයුතු කළ බව අප මෙහිදි දන්නා සත්‍යයකි.
මේ තත්ත්වය යටතේ පසුගිය කාලය තුළ ක්‍රිකට් ක්‍රීඩකයන් පවා අකමැත්ත පළ කළ තොරතුරු සහ සැක සහිත මූල්‍යමය ගනු – දෙනු මෙන්ම පරිපාලනයට නුසුදුසු සහ අනීතික ක්‍රියා සම්බන්ධයෙන් පරික්ෂණයක් කිරීමට වලංගු නීතිය යටතේ කොමිසමක් පත් කරමින් පැවති පාලනය ඉවත් කිරීමේ ඉඩ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අත් හළේ ය. එසේම එම චෝදනාවලට අමතරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ඉදිරිපත් වී ඇති චෝදනා තොගයේ පරික්ෂණ නිමවන තුරු එම පරීක්ෂණවලට ඇති විය හැකි බලපැම් සලකා මෙම පරිපාලනය තාවකාලිකව ඉවත් කරන බව කීමට ද තිබිණ.
ජාත්‍යන්තරය සමඟ කටයුතු කළ යුතු පිළිවෙළ එබඳුව තිබිය දී එම අතපසු කිරීම නොතකා අයිආර්සි කාරයාට චණ්ඩි කතා පැවසීමට යාමෙන් වෙන්නේ මුල්ලකට වීසි වන්නට පහර කෑමට ය. අපි බය නැහැ අපිට ඕනි දේ අපේ රට වැනි ග්‍රෝතික වදන්වලට සැපට නින්ද යන අය සිටින බව අපි දනිමු.ඒ වගේම ඇමති ගේ හිත සුව පිණිස ඔළුව වනන අය ද සිටින බව අපි දනිමු.
මේ සිහින දකින්නන් යථාර්තයට ද, ඔළුව වනන එහෙයියන් ශක්තියට සහ සෘජුව තැබෙන සේ සිය කශේරුකා සවිමත් කර ගැනීමට ද කටයුතු කරමින් කතා කළොත් අන්තිමට ඉතුරුවන සත්‍යය වන්නේ, ජාත්‍යන්තරය නොතකා කටයුතු කරන්නේ නම් අපට ක්‍රිකට් ලෙස ලෝක පරිමානයේ දෙයක් ඉතිරි නොවන බව ය. එවිට ලෝකය ආඩම්බරයෙන් පෙන්නන දෙයක් ලෙස ‘අපේ ක්‍රිකට්‘ නොපවතිනු ඇත. අපිට ඕනි නම් අත උඩින් පන්දු යැවීම නවතා එය දෙපරන්දය අස්සෙන් පිතිකරුවාට වීසි කරන පන්දු යැවිමක් බවට පත් කර ගෙන වුව, එයට ක්‍රිකට් යැයි කියා අපට ඕනැ හැටියට අප රට තුළ පමණක් ක්‍රීඩා කිරීමට හැකිවනු ඇත.
දැන්වත් ක්‍රීඩා අමාත්‍යවරයා තිරණය කළ යුත්තේ මින් කුමන මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාවකට ‘අපේ ක්‍රිකට්‘ කීම උචිත ද යන්න ගැන ය. ක්‍රිකට් ක්‍රීඩාවේ පෙර පාදයේ මෙන්ම පසු පාදයේ ක්‍රිඩා කර ද නොදැවී ආරක්ෂා වී සිටීමට හැකි බව පමණක් බුද්ධියේ ප්‍රමාණය අනුව තේරුම් ගන්නා ලෙස ඉල්ලා සිටිමු.
වෙබ් එකට ලියපු ආටිකල් එක .මේකට පෝස්ට් කළා.එක ගලෙන් කුරුල්ලො දෙන්නයි වගේ වැඩක් තමයි.... 


Wednesday, April 15, 2015

ඕං මගේ අවුරුද්ද

හැම අවුරුද්දම එකයි. ඇස්වලට එන්නෙ නැති කඳුළු හතවතේ තෙරපගෙන හිනාවෙන මිනිස්සුන්ගේ උත්සවශ්‍රීය අවුරුද්ද හැටියට ගෙවිල යනවා.අවුරුද්දට මොකුත් නොකර කොහොමද? හුගක් අය අහන ඒ ප්‍රශ්නයට මට උත්තරයක් නැහැ.හැබැයි මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි.නැකැත් පත්‍ර එක්ක හැසිරීම ඒ විදිහට හැරි හැරී කෑම,ලිප මෙලවීම,ඔළුවෙ තෙල් ගා ගන්න එක මට පෞද්ගලිකව වදයක් කියලා දැනෙන්නෙ පුංචි කාලෙ ඉදළමයි.

“මුරණ්ඩුකම“

ඔහොම කියලා මේව ප්‍රතික්ෂේප කරන කොට බෝධි පූජා තියනවා.එහෙම ප්‍රතික්ශේප කරන එකාගෙ කරටම හරක බලෙන් අල්ලල බදිනව වගේ යන්තර එල්ලනවා.අම්මා මේව කරන කොට ඒව ඉවස ගෙන තාත්තා කට හිර කරං හිනා වෙනව මට මැවිලා පේනවා.ඔය විදිහටම මොකක් හරි දෙයක් වුණහම පුතා කට උණ්ඩි කරල හිනා වෙනකොට මම ඉගිල්ලිල ගිහිං තාත්තගෙ මතකයෙ එල්ලෙනවා.

හැබැයි තාත්තා අවුරුද්දට මේ සම්ප්‍රදායෙ ටිකක් එල්ලෙනවා.ඒක මම හිතන්නෙ අනුන්ගෙ කැමැත්තට විරුද්ධ වෙන්න බැරි නිසා කරපු වැඩක් වෙන්නත් පුළුවන්.මිනිස්සුන්ට මොනව හරි කරන්න ඕනිනෙ.තාත්තා අම්ම එක්ක රණ්ඩු වෙවී බැංකු පොත හිස් කරන හැටි මට මතක් වෙනවා.පතල්වල වැඩ කරපු හැමෝ අතේම රුපියල් 5 ක් 10 ක් හරි අත මොලවන්න ඕනි කියන හැඟීම තාත්තා තුළ හැම වෙලේම තිබුණා.වැඩේ හොදටම අවුල්නම් කට්ටියව මා එක්ක කහවත්ත හුසේන්ස් මැණික් ආයතනය වෙත පිටත් කර හරින එක තමයි තාත්තා කළේ.

ඒ මතකය එක්ක මටත් කා එක්කවත් අවුරුද්දට තියන මගේ අකමැත්ත පිළිබදව තර්ක කරන්න කැමති නැහැ.සරලම කාරණය සරලම විදිහට කිව්වොත් මම කැමති නැහැ.ඒ චාරිත්‍ර වාරිත්‍ර එක්ක ස්වභාව ධර්මය එක්ක තියෙන මානව සම්බන්ධතාවයෙ ගැඹුර වඩා පුළුල් ලෙස පළල් කිරීමක් තියෙන බව පැහැදිළියි.ඒත් ඉස්සර වුණේ හැමදාටම අදාළව තිබුණ මේ බැදීම වන්දනා කරන්න එක දවසක් තෝරා ගැනීම වෙන්න පුළුවන්.අද සිදුවන්නේ ඒක කෘතිමව ස්පර්ශ කිරීමක්.ඒ හැඟීමත් අවුරද්ද එක්ක මාව තදින් නො‘බැදෙන්න හේතුවක් වෙන්න ඇති.

ඒත් අවුරුද්ද කියන කන්සෙප්ට් එක එක්ක එකිනෙකාට ආදරය කරන බැද වැළද ගැනීමට මම ආදරෙයි.ඒක තමයි මගේ අවුරුද්දට තියන බැදීම පුළුල් කරන්නෙ.නැකැත්,අලුත් ඇදුම් කැවිලි පෙවිලි මේව අහුවෙන්නෙ උඩ කිව්ව ආදරේ දැනෙන සහ ඒක බැදල තියෙන නූලක් විදිහට.ඒ නූලෙ තියන පිරිසිදු ගතිය කඩා දා ගන්න බැරි නිසා තදින් අල්ලං ඉන්නවා.ඒක තමයි මගේ අවුරුද්දෙ හැඩතලය.මේ හැඩතලය එක්ක ආර්ථිකමය වශයෙන් සමාජමය වශයෙන් අවුරුද්ද කියන්නෙ මොකද්ද කියන දේ වඟේම මේ අවුරුද්ද අපිට ආවෙ කොහොමද කියන එකත් ලියන්න මම අපේ වෙබ් එකට ලියන සති අංග විශේෂාංග වලට මාතෘකාව කර ගත්තා.

ඒ කේ උඩින්ම තියෙන්නෙ තිනෙතක වරුණ කියන පිංගූරයට ලියන කවියෙ විශේෂාංගය යටතෙ මම අජිත් ගෙ කවියට ලියපු කවිය.  http://thecolombopost.net/?p=63917

thinetha-new-year

දුක පිරුණු තිත්ත රස
ඇස්වලින් හංගා
චිත්‍රපටයක වගේ
ඈ සිනාසෙන්නා
ඉස්තරම් රඟපෑම
පැණි රහට දැනෙනා
පත් තිරක විකුණන්න
හැඩ තාල දැම්මා

දවසෙ පොලියට අරං
තෙල් ද පැණි ගත්තා
අවුරුද්දෙ පැතුම් ඒ 
තෙලෙහි ලා බැද්දා
දවසකට සතුටු වෙන 
හැඟුමන් පරද්දා
වසරක් ම ණය වේද
හිතේ බර නැංගා

රතිඤ්ඤා කරලකට
කවුද ගිනි තිබ්බා
මහ හඬින් පිපිරිලා
රොඩු කෑලි තිබ්බා
හඬ මිසක් වැඩක් නැති
දවසක්ද සිතුණා
දවසකට සතුට දී 
අවුරුද්ද මැකෙනා

ඡායා – අජිත්
සටහන – නිශ්මං


ඊට පස්සෙ සමාජමය වශයෙන් යම් යම් දේ සාකච්ඡා කරන්න ගන්න චූල උත්සාහයක් විදිහට හඳුනගන්න පුළුවන් ආකාරයෙ කොළමක් ලියනවනෙ වෑර් ෂෝට් කියලා.ඒක ට ලියපු ටිකත් මේකටම අමුණල තියන්න තීරණය කළා.  http://thecolombopost.net/?p=65943

අවුරුද්දට හැම තැනම අවුරුදු උත්සව. පොඩි එව්වො ටිකත් උන් අතේ තියෙන පෑන් පැන්සල් ටික තෑගිවලට බෙදා ගෙන අවුරුදු උත්සවයක් කරන්න ලැහැස්තියි.
‘අලුත් තරගයක් කියන්නකො.?‘
කට්ටිය මා වටේ රොක් වෙලා. එහෙම එක පාරටම අලුත් එව්වා එනවයැ. අනික මුං ටික පරඬැල්කිච්චො වගෙ කෑ ගහනවා, ඉක්මනට ඉක්මනට කියලා.
‘අලුත් රබන් පද!‘
උත්තරේ පැහැදිලි කරන්න වුණේ නෑ. මුං ටික හරී! කියා ගෙන දිව්වා.
මං හිතුවා වට්ටක්කා වෙනුවට බණ්ඩක්කා දාලා පොඩි පොඩි වැඩ ටිකක් එක්ක මුන් ටික වැඩේ කරයි කියලා. ඒත් මුං ගෙනත් දුන්න එව්වා බලන්නකො. අනේ අම්මප.
දිනුම දෙන්න ඕනි පදේ මොකද්ද කියලත් මේ ටික බලල කියනවනම් විනිශ්චය මණ්ඩලයට පහසුයි.
ඒ පැති ගත්තත් කෝටි ගණන්
මේ පැති ගත්තත් කෝටි ගණන්
ඒ පැති ගත්තත් මේ පැති ගත්තත් 
ඡන්දෙ දුන්නු උන් මෝඩ රැලක්
ප්ලේන්ටි ටිං ටිං ප්ලේන්ටි ටිං ටිං
සද්දෙට වැඩ දාලා
අන්න බලන් සකි මෙන්න බලන් සකි
ප්ලේන්ටි මිල බැහැල
ටිං ටිං ඒකෙ අගෙත් බැහැලා
ඡන්ද පොළේඅපි යනකොට හොරට දානවා
පලා බබෙක් ගොඩ ගහගෙන කතිර ගහනවා
තක දොං කතිර ගහනවා
ඡන්දෙ ලබන්නට සුදුසුකමක් ඇත
බාර් දෙකක් හිමි කුඩුත් ගෙනෙමි මම
ඡන්දෙ ගත්තට පැත්ත පැන්නම 
දුන්න මිනිහට වෙයි වදේ
පැන්න මිනිහට නෙමේ වැදුණේ
දුන්න මිනිහට දෙයියනේ
නොණ්ඩි කකුල බැඳ ගෙන හරි 19 ට යං
පුංචි අපට කට අරින්න ඉඩක් හදපං බං
19 ක් කද බැඳ ගෙන දෙන්න ආපු මුං
රහ දැනුණම දාල යන්න බැහැ කියනව බං
යකෝ මුන්ට ඉතිං පොඩි කියන්න පුළුවන් ද? හාවා ඉබ්බා තියා ගල් ඉබ්බෙක්වත් නැහැනෙ මේ රබන් පදේක.දේශපාලනඥයො දැක්කොත් පනතක් ගේනවා මුන්ට ලොකු වෙන කොට ඡන්ද බලය නැති කරන.
කෝකටත් ඉස්කෝල නිවාඩුව ඉවර වෙන්න කලිං මේකෙ හොඳම එක තෝරන්න මට පොඩි උදව්වකුත් දෙන්න කියල කියන ගමං හැමෝටම සුබ නම් සුබ අලුත් අවුරුද්දක් වේවා! කියලා ප්‍රාර්ථනා කරනවා.

- කරන්ට්

Thursday, April 9, 2015

කනගාව දිනුව මගේ දූ වෙනුවෙන්....

‘කවෝදි කනගාවා චිත්‍ර තරගයෙන් ලංකාවෙන් තේරුණ තුන්දෙනා අතර ඉන්නවා.එයාගෙ සම්පූර්ණ විස්තර එවන්න‘
ප්‍රවීන චිත්‍රකලා ආචාර්ය බෝගහවත්ත මහතා ද සිය සිසුවිය ගැන ඇති කරගත් අප්‍රමාණ ප්‍රීතියෙන් තෙපලන විට ඇයගේ දෙමව්පියන් ලෙස අපට දැනෙන හැගීමේ තෘප්තිය සහ සතුට වචනවලට දමා කිරන්නට නොහැකිය.

ජීවිතයේ නොලැබෙන දේවල් වලට වෛර කිරීම, ඒ වෙනුවෙන් ඊර්ෂ්‍යා කිරීම ජීවිතය නොවිය යුතු බව මගේ දැක්මය. ආනිසංස ගැන මට මහත් විශ්වාසයක් නැතත් නොලැබෙන සහ නොලැබුණ දේ ගැන නොසිතා තවකෙකුට යමක් ලබා දිය හැකිනම් වෙහෙසෙන හිත හැදෙන්නේ එතැන් සිටය.

මා තාත්තා කෙනෙක් වූ දිනයේ දැනෙන සතුට තරමටම දුකක් කාලය විසින් මසිත මත තෙරපූ දිනය මා මතක තබා ගන්නේ නැත.

‘සාමාන්‍ය වයසෙ වැඩ කරන්න අමාරුයි.අවුරුදු 8 - 9 ක් විතර පහළින් ඉදියි හැම වෙලාවෙම.

මහාචාර්ය හේමමාලි පෙරේරා එසේ කියන විට කඩා වැටුණ හිත මා එසැණින් යළි පිළිසකර කර ගත්තේය.ඒ වන විටත් මා දත් දේ නොමිළේම අනුරුද්ධ බාලිකා වැනි පාසල් දියණියන්ට මෙන්ම විවිධ තැන් හී අවධානය යොමු නොවූ පුතුන්ට බෙදා දෙමින් උන්නේය.රටේ ක්‍රීඩා කේෂ්ත්‍රෙය් වත්මන් ප්‍රබලයන් වෙනුවෙන් අරගල කරමින් සටන් වදිිමින් අද අප විදින වර්ථමාන දක්ෂයන් රැසක් නිර්මාණය කිරිම වෙනුවෙන් පෑන මෙහෙයවමින් සිටියේය.

අඳුරු රැයෙක නාට්‍යකරුවෙක් ලෙස හදා ගත් ගණු-දෙනුවත් සමග සමීපතමයෙක් වන වෙඩ්ඩා සමඟ මී විතක් තොලගාන මොහොතක ක්‍රීඩාව ගැන කලාව ගැන මා කියන දේ අකුරු කරන්නට ඔහු ඇරයුම් කරන්නේ ඒ දක්වා මසකට විශාල මුදලක් ලැබෙමින් තිබෙන රජයේ රැකියාවට මා ආයුබෝවන් කියනු ඇතැයි සිහිනයකින් හෝ නොසිතාය. ඒත් මා ලියන අකරුවලට වටිනාකමක් දෙන්නටත්,ඒ අකුරුවලින් මට ලැබෙන වටිනාකමෙන් මා විශ්වාස කරන යථාර්තය සැබෑවක් කරන්නටත් මා තුළ තිබුණු හැගීම මගේ ජීවිතය මුදලින් ලැබිය නොහැකි දැඩි තෘප්තියක වෙලා ගන්නට මට බල කරන්නේය.

මාධය ආයතනයක වෙනත් වෘත්තියක සිට අකුරු ගලපන්නට සේන්දු වන්නෙක් නොවුණ මා දිගින් දිගටම ඒ අකුරු මගේ වෘත්තියට වඩා වගකීම බවට පෙරලා ගන්නේ එතැන් සිටය.ඒ වගකීම අකුරුවලට සීමා නොවී ‘සිපිරිගෙදර‘ කාගෙවත් අවධානයට ලක් නොවූ සිරකරුවන්ගේ නාට්‍ය කුසලතා වර්ධනය දක්වා විහිදෙන්නේද එබැවින්ය.

කෙසේ වුව පුතාගෙන් ඉනික්බිති පවුල තුළ ඇතිවන සියුම් කැළඹිමක් තිබිණ.එය ආත්මීය වේදනාවක් මිස උපන් පුතු ගැන අංශු මාත්‍රයක බිදීමක් නොවේය.හිතවත් වෙදදුරන්,මිතුරන් තවත් එකෙක් ගැන පොළඹවන හැඟිමට මා බිය වූයේ පුතු කෙරෙහි වෙනස් හැඟිමක් නව සාමාජිකයෙකුගේ සම්ප්‍රාප්තියෙන් ඇති වේය යන බියෙන්ය.

නමුත් කලෙකින් දුව අපේ කැදැල්ලට එන්නේය.ඒ ජීවිතයේ බොහෝ වෙනස්කම් කරමින්,උපතේදී ඇගේ මවගේ ජීවිතයට විශාල තර්ජනයක්ද කරමින්ය.සුමානයකට අධික කාලයක් ඇයට සිය මවගේ කිරි බිදක්වත් නොලැබෙන තරමට මව අසාධ්‍ය තත්ත්වයට තල්ලු කළ එම උපත කාලයත් සමඟ අපට දරුවෙක්ගෙන් ලැබිය හැකි වෙනත් සතුටුදායක තත්ත්වයන් කරා තල්ලු කරන බව දැනෙන්නට විය.

මද ආඩම්බරයකින් සහ අභිමානයකින් ජීවත්වන ඇයට අයියාට තරම් කරුණාවන්ත මිත්‍රශීලිකමක් නොවිණ.නමුත් ඇය ඉගැනීමේ මෙන්ම භාහිර ක්‍රියාකාරකම් හී ද කැපී පෙණෙන දක්ෂතාවයක් ඇතිව වැඩුණාය.පාසලේ ශිෂ්‍ය නායිකාවක් මෙන්ම චෙස් කණ්ඩායමේ ප්‍රබල සාමජිකාවක්ද වන ඇය උදෑසන නිවේදන කටයුතුවල නියැලෙන නිවේදිකාවක්ද වන්නීය.ඒ අතර අයියා උදාහරණයට ගෙන හැදෙන්නට ඇති දේ ද අප ඇයට කියා දුන්නාය.පෙන්නා දුන්නාය.

ඇය ක්‍රීඩාවේ වෙහෙස වී කරන ඉසව් කෙරෙහි තවමත් අදක්ෂය.ඒත් ඇයගේ නිවාසයේ දක්ෂතා වර්ධනය කරන වගකීම මට පැවරෙද්දී ඇය ‘නොදුවන,පනින බව මා නොසිතුවේය.අනෙක් දරුවන් වෙනුවෙන් කළ කැපවීම නිසා ඇයගේ නිවාසයට වසර ගණනාවකින් නොලැබි ජයග්‍රහණ රැසක් මෙවර දිනා දෙන්නට මට හැකි විය.

අර හොදට දුවන නංගි ළමා නිවසෙ ඉන්නෙ.අපි එයාට දුවන්න දේවල් අරං දෙමු‘

මා කාලයක සිට පුතාගෙන් සොයමින් සිටි දුවගෙන් අපේක්ෂා කළ වචන ඇසුවේය.

කවෝදි අක්ක තමයි අපේ පංතිය බලා ගන්න එන්නෙ.අක්ක මට ගොඩක් උදව් කරනවා.පාඩම් කියලා දෙනවා.

සිය පංතිය බලා ගන්නට එන ශිෂ්‍ය නායක අක්කා ගැන ඒ වචන ළමා නිවාසෙ දියණියගෙන් ය.

මට වේදනාවට හැඩෙන්නේ නැත.එහෙත් සතුටට ඇස් තෙත් වෙන බව යළිත් පසක් විණ. ඒ ළමා නිවාසෙ දියණිය ක්‍රීඩාවේ අති දක්ෂය.නමුත් හිටි පිම්මේ ජයක් මිස ඇය සතු ජවසම්පන්න ධාවන හැකියාවට ජයක් ලබන්නට නොහැකි විය.ඒ මව්-පිය සෙනෙහස නැති ඇය තුළ වන වික්ෂිප්තභාවයමය.ඇයට ලැබෙන විහේෂ අවස්ථා දරන්නට බැරි අන්දමේ හැඟුම් ඇති වීම නිසාය.

‘මම ලබන අවුරුද්දෙ මේ ස්කොලෙ නැති වුණාට කමක් නැහැ.අර නංගිව දුවවන්න උදව් කරන්න එමු‘

මට දුව ගැන පුදුම ආදරයක් උපදින්නේය.වචන වෙනුවට ඇයව තදින් තෙරපා ගතිමි.

දුව හෙට කුමක් කරයිදැයි කිව නොහැකිය. ඒත් ඇය දැනටමත් බොහෝ දේ දිනා දී අවසන්ය.

අයිය කරන එව කොහෙන් හරි අයියට ලැබෙනව අයියෙ...

මේ දිනවල වතුරුගම මානසික ආබාධ සහිත දරුවන් පුහුණු කරන ආයතනයක නේවාසිකව සිටින පුතා එවැනි නිවාස අතර පැවති ජාතික තලයේ ධාවන තරගයකින් ඔහු සහභාගි වූ කාණ්ඩයේ පළමුවැනියා වූ බව මා මිතුරියකට කී විට ලැබුණු ඒ ප්‍රතිචාරය ඇත්තක් විය හැකිය. කිසිවක් නොපතා බොහෝ දේ කළ මම ඒවායේ ප්‍රතිපල වලින් අපේ රටේ ජාතික ධජය,අන් රටවල ජාතික ධජ අභිබවා ඉහළ නැගෙනු සජීවීව දකින්නට තරම් භාග්‍යවන්තයෙක් වී ඇත.එවැන්නෙක් ජයග්‍රාහී පූවරුව මතට ගොඩවෙන විට උදම් අනමින් රටටම ඇහෙන්නට කියන්නට තරම් භාග්‍යයවන්ත වී ඇත.

ඔක්කොටම කරන්න.තමන්ගෙ ළමයි ගැන විතරක් අමතක කරන්න.

බිරිදගේ නුරුස්සනා බස් වලට පිලිතුරු දැන් ලැබී ඇත.මා නිසා පෙරට ආ දරුවන්ගේ දෙගුරුන්ගේ ඇස් වලින් සතුටු කඳුළු පනින විට මේ සතුටේ කොනක මගේ මිනිහා ඇතැයි සිතා සතුටුවන්නට ඇයට උගන්නනවාට වඩා ඇයගේ ඇස් වල කඳුළුවල සතුට රදවන්නට අපේ දියණියට හැකි වීම ගැන මම බෙහෙවින්ම සතුටු වෙමි.

‘මට බොහෝ දේ නැතුවාට කම් නැත.නුඹගේ දැණුමත් හැකියාවත් සමඟ ස්වාධින ගමණක් සකසා ගන්නා අතරේම ළමා නිවාසේ නැගණිය පිළිබද ඇති වූ හැඟීම ද පුළුල් ලෙස වැඩේ නම්‘ 

වචන නොවුණු හැඟිමෙන් කනගාව ජය වෙනුවෙන් සුබ පැතුම් ඉල්ලා වඩා ගන්නට දෑත දිගු කළ දියණිය මා වඩා ගෙන හුස්ම හිර වෙන තරමට පපුවට තුරුළු කර ගතිමි.

ඡායාරූපය - චානක මධුශංඛ