Friday, September 30, 2016

නිමාලි තව දුවමු අපි!

ඉකුත් වසරේ ළමා දිනය දවසේ මගේ ළමයි දෙදෙනාගෙන් මා සතුටු විය.අද මීට සුළු මොහොතකට පෙර ළමයෙක් යැයි නොකීවද මගේ සිතේ මගේ දරුවෙක් මෙන් ජීවත්වෙන නිමාලි ලියනාරච්චි මට සතුට ගෙන ආවාය.ඒ වසර විසි හතරක් පැරණි මීටර් 800 කාන්තා ශී ලංකා වාර්තාව බිඳ දමමින්ය.ගාල්ලෙන් පැමිණි ශ්‍රියාණි ධම්මිකා මැණිකේ 1992 දී මෙහි ශ්‍රී ලංකා වාර්තාව දිනා ගත්තේ විනාඩි 2:03.85 ක කාලයක් වාර්තා කරමින්ය.අද දකුණේ සූරියවැව සිට යාපනයේ දොරේඅප්පා ක්‍රීඩාංගණයට සපැමිණි නිමාලි ඒ වාර්තාව සිය නමට ලියා ගත්තේ විනාඩි 2:03.5 ක කාලයකින්ය.නිමාලි මෙන්ම සූරියවැවෙන්ම පැමිණි ගයන්තිකාගේ මලල ක්‍රීඩා ජීවිතයට ද මා බෙහෙවින් සමීපව සිටියාය.ලැබෙන තොරතුරු අනුව ඇය ද පැරණි වාර්තාව ඉක්මවා තිබිය යුතුය.
තරඟයට පෙර දින රාත්‍රියේ මම නිමාලි සමඟ කතා කළෙමි.ඇත්තටම ඇය මා සමඟ කතා කළාය.ඒ මතකය ඇය සතු දුර්ලභ මනුස්සකමකි.එහිදී දොරේ අප්පා පිටියේ තත්ත්වය මෙන්ම සුළඟ ගැන ද ඇය කතා කළේ කණස්සල්ලෙන්ය.නමුත් ඇයට මා කීවේ ඇය විඳ තිබෙන දුක් කම්කටොළු,වේදනා හා ගත් විට ඒ සියල්ල සුළඟක්ම පමණක් බවය.ඇය ඔව් මම දෙයක් අත අරින්නෙ නැහැ ලේසියෙන් යැයි කීවාය.ඇය අද එය ක්‍රියාවෙන් ඔප්පු කිරීමෙන් අනතුරුව ද මා අමතමින් එය ක්‍රියාවෙන් ඔප්පු කළ බව කියන්නට තරම් කෘතවේදී වූවාය.
ඇය ගුවන් හමුදාවට සම්බන්ධ කිරීමට මා එකඟ කර ගත්තේ මා මිත්‍ර දීපාල් මුණසිංහය.ඔහු ඇයව හොඳින් බලාගත්තේය.ඒ මුළු ගුවන් හමුදාවේම ආදරය,සහ කරුණාව මෙන්ම මිත්‍රශිලී සහයෝගය ඇයට ලබා දෙන්නට දායකත්වය දෙමින්ය.ඇය එළැඹෙන 6 වන දා ගුවන් හමුදාවේ සහය ඇතිව ඉදි කළ නිවසට ගෙවැදීමට නියමිතය.රටේ රජ්ජුරුවොත්,ක්‍රීඩාවේ නාමයෙන් පහළ වූ කුමාරයාණන් ලෙස වැජඹි නාමල් කුමාරයා ද රට වෙනුවෙන් දුවන මේ කෙල්ල දුටුවේ නැත.
නිමාලි,ගයන්තිකාලා පමණක් නොව එරංගා දුලක්ෂි,පීඑච් චමල්ලා ද රට වෙනුවෙන් දුවන හම්බන්තොටට ජාත්‍යන්තර ක්‍රීඩා පිටියක් තියා සාමාන්‍ය ක්‍රීඩා පිටියක් නවිකරණය කර දීමටවත් නොනැවතුණු ඔව්හූ සූරියවැවට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියක් ගෙනාවේය.අල්ලක් තරම් ඉඩ ඇති නිමාලිගේ ගේ උළුවහු පළල් කර දෙන්නටවත් නොසිතුවේය.නමුත් ගුවන් හමුදාව මෙන්ම සිය ප්‍රදේශයේ ක්‍රීඩිකාව රටටත් දකුණටත් ගෙනෙන කීර්තිය ගැන සිතූ සජිත් ප්‍රේමදාසයන් නිමාලි ට පමණක් නොව ගයන්තිකාට ද කොළඹින් නිවාස ලබා දීමට මැදිහත් විය.මෙය යහපත් වෙනසකි.ක්‍රීඩාවට සතුටකි.
ගයන්තිකා වෙනුවෙන් මා මහවැලි ඉඩමක් ලබා දීම සඳහා ලක්බිමේ සිටියදී රන්ජන් පරණවිතානයන්ගේ ආශිර්වාදය ඇතිව කළ මැදිහත් වීම අනුව එවකට මහවැලි ඇමති වූ මෛත්‍රීපාල සිරිසෙන මහතා ඇයට ඉඩමක් ලබා දීමට මැදිහත් වුණාය.මහ රාත්‍රියේ ඒ කටයුත්තට අදාළ ලියවිල්ල අත්සන් තබා එවකට ඔහුගේ පෞද්ගලික ලේ්කම්ව සිටි ජයසිංහ මහතා ලවා මට මහ රෑම දුරකථන ඇමතුමක් ද ලබා දුන්නේය.
මම අකුරු වීසි කර නැත.පිළිවෙලකට අතුර ඇත.ඒවායෙ පලය රටට ලැබෙමින් තිබේ.මා වගකීමෙන් මෙසේ කියමි.2020 ඔලිම්පික් පදක්කමක් හෝ අවසාන 8 දෙනා අතරට හෝ ලංකාව ගෙන ඒමට නිමාලිට හැකිය.ඒ සඳහා කෙන්යාව වැනි දුර දිවීමේ රටක විශේෂිත පුහුණුවකට නිමාලි මෙන්ම ඇය මෙහෙයවීම පිළිබඳව මේ වසරේ දක්ෂතම පුහුණුකරු ලෙස ජනාධිපති සම්මාන ලත් පුහුණුකරු සුජිත් අබේසේකර ද යොමු කළ යුතුය.එය 2019 වසරේ අග භාගයේ කළ යුතු දෙයක් නොවේය.දැන්ම කළ යුතු දෙයක්ය.
මලල ක්‍රීඩා සංගමයට ඒ බුද්ධිය පහළවීමට තව බොහෝ කාලයක් ගත වෙනු ඇත.ඊට පසුව ක්‍රීඩා ඇමතිතුමා ළඟ ද එහි නිලධාරීන් ළඟ ද පල්වන විට පෙරහැර ගොස් අවසන්ය.ඒ නිසා මේ සඳහා ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා පළමුව මැදිහත්වන්නේනම් අපූරුය.
නිමාලි කර්කශ ජීවිතය ද ඔසවා ගෙන පැමිණ පළමු වරට ජාතික ජයග්‍රහණයක් ලැබූ දිනය මට අද වගේ මතකය.එදා ඇය කැඳවා ගෙන පැමිණ සිටියේ වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි ගුරුවරියකි.ගැබ්බරව සිටි ඇය නිමාලි වෙනුවට මම අසන ප්‍රශ්න බොහොමයකට පිළිතුරු දෙමින් ජීවිතය කියෙව්වාය.
මම ඒ සටහනකට ගෙන වෙඩ්ඩාට කීවේ රාවයේදී නොවේය.එවකට අප පදිංචිව සිටි කොළොන්නාව රජයේ කර්මාන්තශාලා නිල නිවසේදීය.
මචං මේකි තාවකාලික දිවීමක් වෙයිද දන්නෙ නැහැ.
වෙඩ්ඩා මට කීවේය.ඒ ඒ තරමටම ඇයට නොදුවන්නට තරමේ ආර්ථික පීඩාවන් තිබුණු බැවිණි.දිව්වොත් ඉන්ටර්නැෂනල් මෙඩල් ගොඩක් අපි සිගරට් උරන අතර දෙඩුවෙමු.
ඒ නිසාම ඇය වෙනුවෙන් ලී ඒ සටහනට හෙඩිම වූයේ නිමාලි ඇය කෙතරම් දුරක් දුවන්නී ද වැන්නක්ය.නමුත් ඒ සටහනට ඉහළ ප්‍රතිචාර ලැබිණ.උදව් කරන්නට බොහෝ අය ඉදිරිපත් විය.නමුත් එය වගකීමක් ලෙස කරට ගන්නට එවකට ඇය ඉගෙනුම ලැබූ විදුහල්පතිවරයාට නොහැකි විය.නමුත් ඒ ගුරුපියාගෙන් අත හැරුණු නිමාලිව මම මගේ පීතෘ වගකීමෙන් අත් නොහැරියෙමි.ඇය කළකිරීමෙන් ඉවත් වෙන්නට උත්සාහ දරද්දී වෛද්‍ය ලාල් ඒකනායකගේ පීතෘ සහයද ඇයට ලැබිණ.පෑනෙන් දුවන්නට බැරිය.දුවන්නට හැකිය.ඊට පෑනට අකුරු උනන්හට හදවතක් තිබිය යුතුය.
දිනෙක තරග ප්‍රතිපල ලියන්නට හෝ සංචාර යන්නට පමණක් සෑදි පැහැදී සිටින අයෙක් අතින් විනාශ නොවුණොත් මගේ දියණිය ගැන ජීවිත කතාව මමම ලියමි.එය නගරයක් දෙවණත් වන්නට කෑ ගසන තරමේ මහා හඬක් සහිත ක්‍රීඩාවට පිවිසෙන්නෙකුට උද්යෝගය සපයන්නක් වනු ඇත.
ළමා දිනය පමණක් නොව අද වැඩිහිටි දිනය ද වන්නේය.ඒ් නිසා මා තරුණ වියේදීම නිමාලිව හැදිණ ගත්තේ සහ වැඩ කළේ වැඩිහිටිෙයෙක් ලෙස යැයි හැඟෙන්නේය.ඒ් නිසා මෙය වැඩිහිටි දිනයට ද තෑග්ගකි.
පියවරු දරුවන් අමතක කරන්නේ නැත.මා දමා ගිය දූවරු පුතුන් ගැන වුව කියන්නට ඇත්තේ එපමණකි.නිමාලිට ද දිනෙක මා අමතක විය හැකිය.ඒත් හැම ජයග්‍රහණයකදීම උඹ කීවා ද නොකීවා ද මම ද රන් හදවතේ පැළදගමි.
නිමාලි දැන් මම පළමු සටහනේ උද්ධෘතය වෙනස් කර කියමි.නිමාලි දුවන්නීය.ඒ රටද රැගෙන බොහෝ ඈතටය.
ජයවේවා දුවේ!

12 comments:

  1. ලග තිබුණු මැණික් ගැන රජ කුමරුවන් නොදිටිය, හැමදාම.
    මගේ සමකාලින මිත්‍ර සුජිත්ට මගේ ගෞරවය පුද කරමි.
    නිමාලිට සුරියවැව වගේ තමා යාපනයේ පරිසරය .... එහි අමුත්තක් නැත. ඇයට පිච්චිලා පුරුදුය ..... නිමාලිට සුභ පතමි. ඔලිම්පික් කිරුල වෙතට යාමට, මතු දිනක, ඔබට තුති.... මේ ගමේ මල් ගැන ලියනවට
    වෙලාව නැතත් .... ගොඩවෙමි ඉදහිට ඔබේ අඩවියට ....

    ReplyDelete
    Replies
    1. රටේ ඔලිම්පික් සිහිනය යථාර්තයක් කරන්න නිමාලි වෙනුවෙන් තව බොහෝ දේ කළ යුතුයි.ඒ් සදහා කැපවෙනවා

      Delete
    2. රටේ ඔලිම්පික් සිහිනය යථාර්තයක් කරන්න නිමාලි වෙනුවෙන් තව බොහෝ දේ කළ යුතුයි.ඒ් සදහා කැපවෙනවා

      Delete
    3. රටේ ඔලිම්පික් සිහිනය යථාර්තයක් කරන්න නිමාලි වෙනුවෙන් තව බොහෝ දේ කළ යුතුයි.ඒ් සදහා කැපවෙනවා

      Delete
  2. අව්‍යාජ ලිපියක්. ඇයට සුභ පැතුම්. ඇගේ මලල ක්‍රීඩා දිවියට උදව් අවශ්‍ය අංශ තිබෙනවාද? ඒ ගැනත් ලියන්න

    ReplyDelete
    Replies
    1. ඔබ සිටින්නේ ලංකාවෙනම් මගේ දුරකතන අංකය 0773 815 999,කතා කරන්න.අපි 06 දා අැයගෙ නිවසට ගෙවදීමට යමු.

      Delete
  3. ජයවේවා දුවේ මගෙත් සුබපැතුම්

    ReplyDelete
  4. //ඉකුත් වසරේ ළමා දිනය දවසේ මගේ ළමයි දෙදෙනාගෙන් මා සතුටු විය//

    චිකේ ඕයි තමුසෙගෙ ළමයි දෙන්නගෙනුත් තමුසේ සතුටු වෙනවද? එතකොට ගෑණි? ඒකි සතුටු කරන්නේ වෙන එවුන්ද?

    ReplyDelete
    Replies
    1. නිෂ්ම, නිමාලි, උඹල මෙහෙම උන්ගෙන් ඈතට දුවපල්ල

      Delete
    2. අවුලක් නැහැ සහෝදරය...
      මගේ පුතාගෙ මානසික ප්‍රශ්නය එක්ක මම හොඳට හැප්පෙනවා.එයා ඒ මානසික ව්‍යාධියෙන් ගොඩගන්න එයාගෙ හැකියාවන් හොයාගෙන එතනින් ඉදිරියට අරං යන්න දරන වෙහෙස මම දන්නවා...
      ඒ නිසා එයා කරන යම් යම් දේවල් ඉවසලම මට ඒ වගේ තත්ත්වයන් ඉවසන්න දරාගන්න පුළුවන්.....

      Delete