Saturday, January 14, 2017

සුදර්ශියේ නුග සෙවණ කොයිතරම් සිසිලස ද?

දීපාල් නික්ම ගිහිං.පොඩි ළමයා ආයෙ එන්නෙ නැහැ.මේ නික්ම යාම ගැන ඇසුණු වෙලේ සිට කෙතරම් සිත වෙනතක දිව්වද,යළිත් මතකය ඇස් පිහාටු සසල කරන්නේය.මට මා ගැනම කේන්තිය.අපි දුර්වලයන් වී ඇත්තෙමු.දීපාල් ගැන මතකය ලියා ගන්නට සුදර්ශිය ඇවැසිමය.එහි සිටි සියල්ල ගැන මතකය අවදි කරද්දී බොහොමයක් රූපමය මතකයන් පමණි.

දීපාල් සිටිය වුව ද මඟතොට දැක නොදුටු සේ ගියානම් මොනවා සිතනු ඇද්ද?ඒත් කාර්ය බහුලත්වය ද,එසේත් නැතිනම් ඔළුවට දරන්නට බැරි තරමට එකතු වෙන මිනිස්සුද අතරේ වඩා නැවුම් දේ රැදී පරණ දේ වියැකි යා හැකිය.

නමුත් කවුරුවත් සුදර්ශිය අමතක කරනු ඇත.දීපාල්ගේ ආනන්ද භවන් වෙනුවෙන් ඇතැම් පටු රසිකත්වයක් ඇත්තෝ දීපාල් හෙලා දැක්කේ දෙමළ ජාතිවාදියෙක් ලෙසය.ඒත් සුද්ර්ශිය ආනන්ද භවාන් මෙන්ය.ඊටත් වඩා පැහැදිලිව කිවහොත් තෝසේ මසල වඩේ සිංදුවේ එන පරිදි සියලු පංතියේ අය එකට ඉද කා බී ගිය තැනෙකි.

ඒ තරම් සිසිල දනවන කලා ආශ්‍රමයක් වෙනතක නොවනු ඇත.එය ආශ්‍රමයක් යැයි පැවසීම හවසට ඇතැම් විට වෑහෙන මල් සුවඳ ආඝ්‍රානය කළ අයෙකුට මල පනින කතාවක් විය හැකිය.නමුත් විදිමත් කලා භාවිතාවකට ඉඩ නැති රටක එය අපූරු අසංවිධානාත්මක සංවාද මණ්ඩපයකි.

දේශපාලනය,කලාව පමණක් නොව ඇතැමෙක් කලාව හා පෑහෙන තාක්ෂණය පිළිබඳවද ප්‍රායෝගික බුද්ධියකින් යුතුව කරුණු පහදන්නේය.සැළසුම් සකස් කරන්නේය.අදුරට කණාමැදිරියන් සේ සිගරට් හිස් දිලිසෙන තෙක් මුහුණු නොපෙණුනද සරුසාර සංවාද නිමා නොවන්නේය.කණාමැදිරි එළිය ඉහළට එසැවෙනු තුරු බොහෝ අයගේ මුව නිදහස් නැත.කියන්නේ අපූරු දේ ය.

ඒ අපූරු මා සබැඳි මතකයේ සිටි සොදුරුතමයෙක් ලෙස දීපාල් දැනෙන්නේය.මිතුරු තෙමේ එතරම් ගමණක් ගියේ එවැනිම සොදුරු මිතුරු සමාගමයන් නිසාමය.මා නිහාල් සිල්වා සිටින සමයේ සුදර්ශියට ගොඩ වූවේ නැති තරම්ය.නිහාල් සහ මා සබැඳි මතකය තිබෙන්නේ බඹරබොටුව ඟං ඉස්මත්තේය.ඒ හේමන්ත හෙට්ටිආරච්චි නම් වූ සාජන්ට් නල්ලතම්බි නාට්‍යයේ රංගන ශිල්පියා හේතුවෙන්ය.ඊටත් වඩා කුඩා කාලයේ සිට 'හෙට පායනතරු සමග දන්නා නිමල් ලක්ෂපති ආරච්චි ද මා තුන්වන වර සුදර්ශියේදී හඳුනාගන්නටත් ප්‍රථම දෙවන වර හමුවන්නේද හේමන්තලාගේ ගෙදරදීය.

ඒ සෑම අවස්ථාවකම මේ සංවාද මණ්ඩපයේ කතා වූ මාර චරිතයක් සිටියේය.ඒ මංජු ය.මංජු ගේ නම සම්පූර්ණයෙන් මතක් කර ගන්නට අසීරුය.ඔහු වරක් හොදම පිටපතට රාජ්‍ය සම්මානය ගත්තේ රෝස මල් පාත්තයනම් වූ නාට්‍යය පිටප වෙනුවෙන්ය.මංජු නිහාල් මෙන්ම දීපාල් ද නිර්මාණය කරන ක්‍රියාවලියේ සැකිල්ල සකසා ඇණ බෝල්ට් තද කර බව මට දැනෙන්නේය.

නිහාල් කී නිසා ද,දිපාල් මංජු ඇසුරේ සිටි නිසාද මට එය හැඟෙන්නේය.දීපාල් මුලින්ම සුදර්ශියේ සිටි විජිත් ෆොන්සේකා ඇසුරේ සංගීතය උගත්තේය.එය මිත්‍රශීලි හැදෑරීමක් විය.ඊට වරින්වර අලුත් දේ බටහිරෙන් අරන් විත් එබුවේ හර්ෂ කුමාර ආරියසිංහය.හර්ශ ද මංජු මෙන්ම සියල්ල ඔසවා තැබිය හැකි අදහස් දන්න තමන් සම්බන්ධයෙන් පමණක් අසාර්ථක අය ය.(මා ද එවැනි ගති ඇත්තෙකි.හේතුව නොදන්නෙමි.)

මේ අතර තවත නාට්‍ය කාරයෙක් නොවන අපූරු එකෙක් විය.ඔහු රසවතෙකි.නමින් නලීන් ය.ඔහුට ගිටාර් ආසාවද තිබුණත් ඔහු වැඩි තෘප්තියක් ලැබුවේ ඇසුරේ වචන වල රසයේ වෙලී බව හැඟේ.තවෙකෙක්ට නොපෙනන්නට ඔහු අනෙකාට උදව් කළ ව්‍යාපාරි වශයෙන් ලොකු ශක්තියක් ඇතිව සිටි අයෙක්ය.දැන් ද ඉද හිට ඔහු හමුවන්නේ සම්පත් මුණසිංහ ක්‍රීඩා ගුරුවරයා වන කොළඹ ජාත්‍යන්තර පාසලේ නලීන්ගේ දියණියන් උගනින නිසාය.

දීපාල් සහ කණ්ඩායමක් එවකට විණි.සියල්ලම සිටියේ ඟඟ අසළය.එතෙරට පිහිණිම අරමුණ විය.එකෙක්වත් අධෛර්‍යවන්ත වූවෝ නොවුණෝය.සියල්ල ඟඟට පැන්නේය.අද එකෙක් ඉන් ගොඩ වී ඇත.තවෙකෙක් ඟඟ මැද ය.ඒ අතර දීපාල් ඟඟෙන් එතෙරව නිික්ම ගිය බව මට හැඟෙන්නේය.

අප අතර සිටි අජිත් මුරගේ ඟඟට බට සැනින් අපූරු රටාවකට පිහිනන්නට විය.වෙනත් තැන්වලින් ඟඟට බට අයට වඩා වේගයෙන් යන්නට හැකියාව තිබුණද ඔහු මද වේගයෙන් පිහිණුවේය.ඔහු නික්ම ගියේ ඟඟ මැද දී ය.

ටෝලා හැල්මේ පිහිනමින් සිටියි.ඩාන්සින් කළ රංජි කොහේදෝ නැත.පරණ දිගු හෝල් එකේ සිටි මැදි වියේ අයියා සහ ඔහුගේ පවුල අපට අපේ පවුලේම අය මෙන් විය.කාලකණ්නිකමක මහත ඒ අවශ්‍යයම නම මට මතක නැත.කාලයක් අප සුදර්ශියේ ක්‍රිකට් කණ්ඩායමක් තැනුවේය.එයට අර කාමරයේ අයියා ළඟ සිටි බණ්ඩාර  ද එක් ව සිටියේය.එවකට කලා කේෂ්ත්‍රයේ සිටි රටම දන්නා සාමාජිකයා ලෙස කණ්ඩායමේ සිටියේ පාලිත සිල්වා ය.

අපට කලා ප්ලෑන් අතරට ක්‍රිකට් ප්ලෑන් ද පැමිණ තිබිණ.ක්‍රීඩා තරග පවා සංවිධානය කරන්නට සාක්ච්ඡා විය.නමුත් බස් ගැන සිහියට නැඟුණේ අන්තිම මොහොතේය.ඒ සැතුපුම් පහ හය පයින් ඇද තිබීමේ මතකය විසින් හිත කොනිත්තන්නට ගන්නා විටදීය.ඒ වෙනකං කතා කරන්නට මාතෘකා තිබිණ.ඒවා පෙර දවසේ කොටයක් වන්නට තිබිණ.නැතිනම් අලුත්ම දෙයක් වන්නට තිබිණ.

ඒවා හරි අපූරුය.ඒ අපූර්වත්වය දීපාල් පෙන්නුවේය.ඔහුගේ ආර අලුත් එකක් විය.රූපය වෙනස් කරමින් ආකර්ශනයක් ඇති කර ගත්තේය.ඔහුට කොෆියක් නොවී ඔරිජිනල් වන්නට සුදර්ශියේ නුග සෙවණේ එතුණු අලුත් අදහස් සියයට සියයක්ම බලපෑවේය.

ඕනෑ තරම්  දේ මේ කතාවන් අතර බිහි  වි ඇත.ඒවාට පේටන්ට් නැත.සමහර විට එයින් වැඩ ගන්නේ වෙනකෙක්ය.කියන එකාට වඟක් නැත.ඔහු හෙට තවත් එකෙක්ට එවැනි දෙයක් කියනු ඇත.

දීපාල් පමණක් නොව තව බොහෝ අය වැඩුණේ මේ සුදර්ශිය තුළ ය.අද එයට වැඩිපුරම කියන්නට හදන්නේ සිංහල සංස්කෘත සභාව යනුවෙන් ය.එය පරණය.රනිල් චන්ද්‍රිකා පවා එහි උගෙන ඇත.දැන් වසන්නට තටමන්නේ එය ය. කලාකාරයෝ ඒ වෙනුවෙන් අරගල කරන්නේද මේ සමඟ වන සුපිරි මතකය හේතුවෙන්ය.

පොඩි ළමයා ලොකුවට දැණුන හේතුව වගේම බොහෝ ලොකු වැඩවල් පොඩියට පැල වුණේ මෙතැනය.අනතුරුව අද බසට බිඳ ගතහොත් පට්ටය.දීපාල් පමණක් නොව තවත් අය මතු කරන සුදර්ශිය ටැලන්ට් ෆැක්ටරියක්ය.කන්සෙප්ට් විමානයක්ය.ඒ නිසා දීපාල් වෙනුවෙන්,දීපාල් නිසා හිනා වූ දේශපාලක අධිකාරිය සුදර්ශියට අත නොතබා රැක දීමටත් හදවතට එකඟව කටයුතු කළ යුතුය.

දීපාල් ප්‍රසංග වේදිකාවට ගොඩ වූයේම ඔහු නැතිව බැරි කරමින්ය.ඒක පුරවන්නට බැරි ආදේශක හොයන්නට බැරි හැඩයක් විය.ඒ හැඩය මැකුණු පසු දීපාල්ට ගරු කරන්නන් කළ යුත්තේ දීපාල් ඇදි සරම ඇද බඩකුත් දමාගෙන වේදිකාවලට නැග තප්පුලෑමනම් නොවේය. ගායන ශෛලියට ගැලපෙන රූපමය හැඩයක් සොයා ගෙන දීපාල් මතක්වෙන්නෙවත් නැති අලුත් එකෙක් වීමය.එසේ නොකොට දීපාල් වෙන්නට ගොස් විය හැකි එකම දේ දීපාල් ද අමතක වී තමනුත් අමතක කරවා ගැනීමය.

දීපාල් වටන්නේ ඔහු පොඩි ළමයා වූ නිසාය.ඒක ලොකු වැඩක්ය.ප්‍රසංගයක මතක සිටින්නට ආකර්ශණය වන්නට රූපය අදාළම නැති බව ද දීපාල් පෙන්නා දුන්නේය.නිහාල් ගෙ කලෙකට ණයට ගත්තද,පොඩි ළමයා ගේ අච්චුව වෙනස්ම එකක් විය.

සුදර්ශිය තියන්න.තවත් එහිදී 'පරණ අච්චු අලුත් දේවලින් පුරවනු වෙනුවට' අලුත් අච්චුම තණනු ඇත.

12 comments:

  1. අපූරු සටහනක් මචං... ස්තූතියි... අහිංසක මිනිස්සු.. රස ආකර...

    ReplyDelete
  2. පොත්ත පෙණුනට ඇට පේන්නේ නැහැ බං

    ReplyDelete
  3. පොත්ත පෙනුනට ඇට පේනනේ නැහැ මචං

    ReplyDelete
  4. දීපාල් සිල්වා ගැන මෙහෙම සටහනක් තිබ්බාට නිශ්මට ස්තූතියි.

    කවුරු එපා කිව්වත් මේ යක්කු සුදර්ශිය විකුනයි. ඒ පව කරොත් නම් මහා අපරාධයක්.

    ReplyDelete
    Replies
    1. ඒක විශ්ව විද්‍යාලයක්

      Delete
    2. ඒක විකුණන්නේ නෑ බං... එතන අළුත් ගොඩනගිල්ලකුත් ඉඳි කරනවා කළාකරුවන්ට...

      එකාබද්ධ මලබද්දෙට පුක දෙන නලාකාරයන්ගේ ගුලි...

      Delete
    3. ඕක උදුරගන්න හැදුවෙනම් අද ඊයෙ නෙමෙයි.මාර වටින ඉඩමක්නෙ.ඒක මේ ආණ්ඩුව කරන්න හදනව කියලා අනිත් උන් හෝදන එකනම් මඩක්....හැබැයි දැනටත් ඉතං ඕක තියෙන්නෙ සේල් කාරයන්ටනම් ඒකත් වෙනස් කරන්න ඕනි...ඒක අස්සෙ කලාව කරන්න මල්පැල විකුණන එව්වන්ට කරදරයක් නොවෙන විදිහටනම් අමාරුයි...
      සංශෝධනයක් වෙන්න ඕනි...ඒත් අර සංස්කෘතික වටිනාකමක් විදිහට දළදාව තියෙන්න ඕනි වගේ මේ නුගය හෙම සංරක්ෂණය කරන්න ඕනි...
      බය තියෙන්නෙ අලුතෙන් හැදෙනව කියලා නෙළුම් පොකුණ වගේ එකක් ආවොත් පොඩි මිනිහෙක් රිහසල් එකක් කරල ඉවරයි

      Delete
    4. ලුම්බිණි රඟහල නවීකරණය සම්බන්ධයෙන් එහෙමත් සැහෙන ප්‍රශ්න තියෙනවා කියලා කියනවා නේද ?විශාල මුදලක් වියදම් කරලා නවීකරණය කරලා නාට්‍යකරුවන්ට,කලාකරුවන්ට දරන්න බැරි මිලකට ලබා දෙනවා.කොහොමද එතකොට සාමාන්‍ය මිනිස්සු ඒ කලාව රස විදින්නේ.

      Delete
  5. දීපාල් ගේ ගීත වලින් දීපාල් කිව්වේ ඇත්තේ.අපේ මිනිස්සු ඇත්තට අකමැති නිසා තමයි දීපාල් ගේ සින්දු වලටත් අකමැති වුනේ."රත්නදීප ජන්මභූමි,රණබිම මැරුණේ සිංහලයකු නම් " වගේ එව්වා දේශානුරාගී වෙන්නත්,"ඒ රටේ මිනිස්සු,ආනන්ද භාවන්" වගේ සින්දු දේශද්‍රෝහී වෙන්නත් එක තමයි හේතුව.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ මිනිස්සු හිතන එකත් පුරුදු පුහුණු කරපු විදිහට කරනව මිසක් ඒකටවත් හන්සි වෙන්නෙ නැහැ

      Delete